lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

ජනපතිගේ නියමයෙන් බන්ධනාගාර රැඳීවියන් 2961ක් ඇප මත මුදා හැරේ ! ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පත් කෙරුණු විශේෂ කමිටුවේ නිර්දේශ මත අධිකරණ නියමයෙන් රැඳවියන් 2,961 දෙනෙක් ඇප මත මුදා හැර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා. මාර්තු මස 17 වනදා සිට අද (04) දින දක්වා වන කාලසීමාවේදී මේ පිරිස නිදහස් කර තිබේ. ජනාධිපතිතුමා බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණය කළ අවස්ථාවේ රැඳවියන් එතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව සහන සැලසීමට කමිටුව පත් කරනු ලැබුවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුව රැඳවියන්ට සහන සැලසීමේ නිරීක්ෂණ ජනාධිපති ලේකම්තුමා වෙත ඉදිරිපත් කර ඇත. දඩ ගෙවා ගැනීමට නොහැකි, ඇප ලබාදී තිබුණද ඇප කොන්දේසි සම්පූර්ණ කරගත නොහැකි, ඉතා සුළු වැරදි වලට සිරගතවූවන් හා දඬුවම් කාලයෙන් වැඩි කොටසක් අවසන් කර ඇති, ඉතා බරපතළ සෞඛ්‍ය ‍‍හේතූන්ගෙන් පීඩා විඳින දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතව සිටින්නන් සහ ඇප ලබාදීමක් හෝ චෝදනා ගොනුකර නඩු විභාගයක් සිදුකර නැති සිරකරුවන් පිළිබඳව මෙහිදී සැලකිල්ලට ගත් බව නීති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර සඳහන් කර සිටියේ. බන්ධනාගාරවල සිරකරු ධාරිතාව දස දහසකි. එහෙත් විසිහයදහසට අධික සිරකරු පිරිසක් සිටිති. රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයද මෙහිදී සැලකිල්ලට ගෙන ඇත. මුදා හැරී පිරිස අධිකරණය ලබාදී ඇති සහනය කඩ නොකර, පනවා ඇති කොන්දේසි ඉටුකරමින් යහපත් අන්දමින් සමාජයේ හැසිරිය යුතු බවට අවධාරණය කෙරේ. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget