lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/30rzB4V සහල් කවරයේ මී කුණක්.. පොලොන්නරුවේ ප‍්‍රසිද්ද මෝලක නිෂ්පාදනයක් නිවසට ගෙන එන ලද සහල් ගොනියක මිය ගිය මීයෙකුගේ මළ කඳක් සහ මිය ගිය මැස්සන්ගේ ශරිර කොටස් විශාල ප‍්‍රමාණයක් තිබි ඇති අතර නිවසියන් එම හාල් උරය පරික්ෂා කර ඇත්තේ සහල් උරය විවෘත කර පසු එයින් දුගඳක් වහනය විම නිසා බව තොරතුරු අනාවරණය විය. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ හෙම්මාතගම අක්කර සියය අම්බලව ප‍්‍රදේශයේ පදිංචි එම්.ජි.ප‍්‍රසන්න කුමාර මහතාය. දෙදරු පියෙකු වන ඒ මහතා තමන්ට ලගම ඇති නගරය වන ගම්පොළ නගරයේ සුපිරි වෙළෙඳ සැලකින් එම සහල් මිලදි ගෙන ඇත. ලංකාවේ පොළොන්නරුව ප‍්‍රදේශයේ නිෂ්පාදිත ලංකාවේ සෑම ප‍්‍රදේශයකටම අලෙවි කරන ප‍්‍රසිද්ධ නාමයක් සහිත එම නම යොදා ඇසුරුම් කරන ලද සහල් ගම්පොළ සුපිරි වෙළෙඳ සැලින් ලබා ගෙන ඇති අතර සිද්ධිය වු දිනයේදිම ඒ බව ගම්පොල පිහිටි වෙළෙඳ සැල වෙත දුරකථනයෙන් නිවෙස් හිමි ප‍්‍රසන්න මහතා විසින් දැනුම් දුන් පසු ඊට සහල් උරයක් නැවත ලබා දෙන බව පැවසු බව ඒ මහතා මාධ්‍ය වෙත පැවසිය. කුලි වැඩ කර දරුවන් සහ බිරිඳ සිය මව ජිවත් කරවන එම්.ජි.ප‍්‍රසන්න කුමාර මහතා එහි ගිය මාධ්‍යවේදින්ට පෙන්වා දෙන ලද්දේ තමන්ගේ වයස අවුරුදු දෙක හමාරක කුඩා දරුවෙකුද සිටින නිසා මේ සියලූ දෙනා මෙම සහල් ආහාරයට ගැනිමෙන් යම් රෝගාබාධයකට ලක් වුයේ නම් ඊට වගකියන්නේ කවුරුන්ද යන්නයි. සහල් උරය විවෘත කර පසු එයින් දුගඳක් වහනය විම නිසා සැක සිති සහල් උරය බිමට හලා බැලිමෙන් මේ සියලූ දේවල් ආනාවරණය වු බව පවසන ඒ මහතා මේ සම්බන්ධයෙන් සහල් මිලයට ගත් ගම්පොල වෙළෙඳ සැලටත් එයින් ලබා දුන් පොළොන්නරුවේ සහල් මෝලටත් කතා කර ඇත. ඔවුන් විටක මෙතුමාට පවසා ඇත්තේ ලබා දිය හැකි ආර්ථික වශයෙන් බලාපොරොත්තු වන මුදලක් හෝ නැතිනම් සහල් නැවත ලබා දිමට කැමැතිනම් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසයි. නමුත් ඒ සියල්ලටම වඩා ප‍්‍රසන්න මහතා මේ වෙනුවෙන් සාධාරණ ඉල්ලිමක් සියලූ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටි. ඔහු පවසන්නේ සමහර වෙළෙදුන් නිසා ආහාර වලට වස විෂ අංඩගු වි මිනිසුන් අමාරුවේ කුඩා දරුවන් ලෙඩ විම වැලක්විමට වැරදි කරුවන්ට නිතීය ක‍්‍රියාත්මක කරවන ලෙසයි. පසුව මාධ්‍යවේදින් ඒ මහතාට දන්වා සිටියේ් මේ සම්බන්ධයෙන් ආදාල ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා දැනුවත් කරවන ලෙසයි. ඒ අනුව දුරකථන මාර්ගයෙන් දැනුවත් කිරිමෙන් පසුව මෙම සහල් උරය පරික්ෂාවට ලක් කර අදාල වෙළෙදුන්ට නිතීය ක‍්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවද පැවසිය. ගම්පොල සුපිරි වෙළෙඳ සැලින් සහල් ගෙන එන ලද ප‍්‍රසන්න මහතා පොළොන්නරුව සහල් මෝල් ආයතනයට දුකරකථනයෙන් ඇමැතුමක් ලබා ගත් අවස්ථාවේ එහි සිටි මහත්මයෙකු පවසා ඇත්තේ අපගෙන් සහල් ගෙන එමෙන් අනතුරුව ගම්පොල වෙළෙඳ සැලින් ඇසුරුම් කර ඇති බවට සැකයක් මතු වන බවයි. කෙසේ හෝ එලෙස ඇසුරුම් කර පොළොන්නරුවේ ප‍්‍රසිද්ධ සහල් මෝලෙහි නම සහිත බෑග් වල සහ එහි ස්ටිකර් යනආදිය අලවා අලෙවි කර ඇත්නම් එය වැරදි ක‍්‍රියාවක් වන අතර ඊට වගකිව යුත්තන්ගේ අවදානය යොමු විය යුතුව පවති. – සමන් විජය බණ්ඩාර noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget