lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2Wn8Rir නිරෝධායනයේදී මිය ගිය දෙදෙනාගේ අවසන් කටයුතු වලට ප්‍රදේශවාසීන් විරෝධතා.. අලුයම් කාලයේ ආදාහනය කරයි… මුලතිව් ගුවන්හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි වයෝවෘද්ද පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (02) දින මිය යාමෙන් පසුව අද අලුයම් කාලයේදී අවසන් කටයුතු සිදු කල බවට වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘෆ් කැප්ටන් දුෂාණ් විජේසිංහ මහතා පවසා සිටියේය. මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි වයෝවෘද්ද පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ දින මිය යාමෙන් පසුව ඔවුන් දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කිරීමට මුලතිව් පොලීසියට හා සෞඛ්‍ය නිලධාරීන් වෙතට මළ සිරුරු දෙක භාර දී ඇති අතර එහිදී එම නිලධාරීන් විසින් ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුව අවසන් කටයුතු සිදු කිරීම සඳහා මුලතිව් කුමරපුරම් සුසාන භූමිය යොදා ගෙන තිබුණද එහි ආදාහනාගාරයක් නොමැති වීමෙන් දර යොදා පිලිස්සීමට පියවර ගෙන තිබුණි. නමුත් මේ පිළිබඳව මිය ගිය පුද්ගලයින් කොරෝණා වයිරසය වැළඳී මිය ගිය බවට ප්‍රදේශවාසීන් සැක කොට අවසන් කටයුතු කුමරපුරම් සුසාන භූමියේදී සිදු කිරීමට අවස්ථාව ලබා නොදී ඇත. අනතුරුව මිය ගිය අයගේ පී.සී.ආර් පරික්ෂණයන් අනුව කොරෝණා වයිරසය වැළඳී නොමැති බවට වාර්ථාව පැමිණීමෙන් පසුව මුලතිව් අධිකරණ නියෝගයකට අනුව පොලීසියේ හා සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් ප්‍රදේශවාසී තරුණයින් විසින් පදිංචි කරුවන් නොමැති මුලතිව් මුල්ලියාවලෙයි කලෙයික්කාඩු කැලෑබද ප්‍රදේශයේදී දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරුණි. අදාල මිය යාම සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් විමසීමේදී වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘෆ් කැප්ටන් දුෂාණ් විජේසිංහ මහතා පවසා සිටියේ, “මිය ගිය දෙදෙනාගේ පී.සී.ආර්. පරික්ෂණයන් අනුව කොරෝණා ආසාදනය නොවී ඇති බවට ඊයේ රාත්‍රිය් වාර්ථාව ලැබුනා මේ අය කොළඹ ගුණසිංහ පුරේ සිට රැගෙන ගිය අය දෙදෙනාම ස්ථීර පදිංචියක් නැහැ හඳුනාගත් අය නැහැ ඔවුන් නිරෝධායනය වන විට ලබා දී ඇති තොරතුරුවලට අනුව එක් අයෙකු 83 හැවිරිදි තංගවේලී සහ 81 හැවිරිදි පී.ජී. මාර්ටීන් යන අයයි’ යනුවෙනි. – වන්නි රොමේෂ් මධුෂංඛ noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget