lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2Xr4Kmb සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1164 දක්වා ඉහළට ! තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1, 164 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර ඊයේ සහ අද දින හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 76 දෙනා අතුරින් 73 දෙනකුම කුවේට්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් වෙයි. මෙරට සිදුවූ කොවිඩ් මරණ ගණන 10 දක්වා ඉහළ ගියේ ත්‍රිකුණාමලය මංකි බ්‍රිජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි කොවිඩ් නයින්ටීන් ආසාදිත කාන්තාවක් මිය යාමත් සමගයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ කුවේට් සිට මෙරටට පැමිණි පයාගල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති බවයි. එම කාන්තාව ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමේදී ඊයේ රාත්‍රීයේ මියගොස් ඇත. ඇය නිරෝධායන මධ්‍යස්ථානය වෙත පැමිණෙමින් සිටියදී ඉකුත් 20 වැනිදාද හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබූ අතර ඇය ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානය වෙත පැමිණ තිබුණේ එහි ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවයි. එම කාන්තාවගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඇයට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා. ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් ගණන 52ක්. ඒ අතරින් 49 දෙනෙකුම කුවේට්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයයි. දෙදෙනෙකු නාවික හමුදා සමාජිකයන් වන අතර අනෙක් පුද්ගලයා ඉන්දුනීසියාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙක්. අද දහවල් 2.00 වනවිට නිකුත් කර තිබූ දත්තවලට අනුව සමස්ත ආසාදිතයින් අතරින් 628 දෙනෙකු එනම් සියයට 54.70 ක ප්‍රතිශතයක් නාවික හමුදා සාමාජිකයින් වෙයි. දේශීයව හඳුනාගත් සෙසු ආසාදිතයින් ගණන 390 ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 33.97 ක්. විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 130 ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 11.32 ක්. ඉකුත් අප්‍රේල් 22 වැනිදා පළමු ආසාදිත නාවික සෙබළා හඳුනාගැනීමේ සිට දින 33 ක් ගතවීමෙන් පසුවත් තවදුරටත් නාවික හමුදාවෙන් ආසාදිතයින් වාර්තා වෙයි. මෙතෙක් හඳුනාගත් නාවික හමුදා ආසාදිතයින් ගණන 628 ක් වන අතර ඉන් තවත් 20 දෙනෙකු සුවය ලැබීමත් සමග නාවික හමුදා සාමාජිකයින් 313 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටියි. මේ වනවිට ආසාදිතයින් වාර්තා වන්නේ නාවික හමුදා නියැදියෙන් සහ විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය අතරින් පමණක් වන අතර දින 26 ක් මුළුල්ලේ බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ. අද දිනය තුළ නව ආසාදිතයින් 23 ක් අලුතින් හඳුනාගැනීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොව්ඩි නයින්ටීන් රෝගීන් ගණන 1164 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අතරින් පූර්ණ සුවය ලැබූ ගණන 695 ක්. එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 59.71ක් වෙයි. ආසාදිතයින් 459 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එය සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් සියයට 39.43 ක ප්‍රතිශතයක්. අද දිනය තුළ නව මරණයක් වාර්තා වුවද කොවිඩ් මරණ ගණන පවතින්නේ මුළු ආසාදිතයන් ප්‍රමාණයෙන් සියයට 0.86 ක තරම්  සුළු අගයකයි. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget