lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2XQKID7 උසස් පෙළ විභාගය සැප්තැම්බර් 7 - පාසල් අරඹන දිනත් තීරණය කෙරේ කෝවිඞ් 19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන්, 2020 අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර උසස්පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව උසස්පෙළ විභාගය සැප්තැම්බර් මස 07 වනදා සිට ඔක්තෝම්බර් දෙවනදා දක්වා කාලය තුළ පැවැත්වීමට තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම එම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ. 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 13 වනදා පැවැත්වීමට තීරණය කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී කියා සිිටියා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා ඇති පාසල් පද්ධතිය මේ මස 29 වනදා සිට අදියර 04 ක් යටතේ විවෘත කිරීමටයි තීරණය කර ඇත්තේ. පළමු අදියරයේදී විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල පාසල්වලට කැඳවීමට නියමිත බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. දෙවන අදියර යටතේ 13, 11 සහ 05 ශ්‍රේණිවල සිසුන් සඳහා ජූලි මස 06 වනදා පාසල් විවෘත කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ. 12 සහ 10 ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් විවෘත වන්නේ ජූලි මස 20 වන දිනයි. 03, 04, 08 සහ 09 ශ්‍රේණිවල සිසුන් සඳහා ජූලි 27 වනදා සිට පාසල් විවෘත කෙරෙනවා. පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් විවෘත කෙරෙන දිනය මෙතෙක් තීරණය කර නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා  මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget