lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/31PsnIC ශී‍්‍ර ලංකාව සුඩානය හා සමවෙයි – ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළට ! ලෝක බැංකුවේ නවතම වර්ගීකරණයන්ට අනුව ශ‍්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙලා තිබෙනවා. ඒ, ලෝක බැංකුව විසින් ශ‍්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට වර්ගීකරණය කිරීමෙන් වසරකට පසුව වීම විශේෂත්වයක්. 2020-2021 වර්ෂයන් සඳහා විවිධ රටවල් වල ආදායම් මට්ටම අනුව ලෝක බැංකුව විසින් මෙම වර්ගීකරණය සිදුකරනු ලබනවා. ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ වෙනත් වර්ගීකරණයන්ට ලක්වන රටවල් 10 අතරට ශ‍්‍රී ලංකාවද ඇතුලත්. පෙර වසරට සාපේක්ෂව අවම කාණ්ඩයකට ගමන් කරන රටවල් තුන අතරට ශ‍්‍රී ලංකාව පත්ව තිබීමද විශේෂත්වයක්. එම කාණ්ඩයට ඇතුලත් වන අනෙක් සෙසු රටවල් දෙක වන්නේ ඇල්ජීරියාව සහ සුඩානයයි. ඉකුත් වසරේදී අමෙරිකානු ඩොලර් 4060 ක් වූ දළ ජාතික ආදායමකට හිමිකම් කියූ ශ‍්‍රී ලංකාවේ දළ ජාතික ආදායම මේ වර්ෂයේදී අමෙරිකානු ඩොලර් 4020ක් දක්වා පහත වැටී තිබුණා. ඒ අනුවයි ලෝක බැංකුව විසින් සිය නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ශ‍්‍රී ලංකාව වර්ගීකරණය කර ඇත්තේ. ගෝලීය ආපදාව හේතුවෙන් මෙම වසරේ වර්ගීකරණය සඳහා භාවිතා කරන දළ ජාතික ආදායම කොපමණද යන්න ලෝක බැංකුව තවමත් ප‍්‍රකාශයට පත් කර නැහැ. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget