lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3golWk8 ලක්ෂයට ගාස්තුව රු.9000යි : කුඩු මුදලාලිලා ගේ සල්ලි බැංකුවලට යවන හිටපු බැංකු සේවකයාගේ අපුරු බැංකුව පොලිසියෙන් වටලයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ඉතා සුක්ෂම ක්‍රමවේදයක් ඔස්සේ බැංකු ගත කිරිමේ කටයුත්තක නියැලී සිටි විශ්‍රාමික බැංකු නිලධාරියෙකු වේරහැර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිය ජාවාරම් කටයුතු වලින් උපයා ගන්නා මුදල් මෙම විශ්‍රාමික බැංකු නිලධාරියා වෙත ගෙන ගොස් භාර දෙනු ලබන අතර ඔහු එම මුදල් තමා සන්තකයේ තබාගෙන ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුම ඔස්සේ අවශ්‍ය ගිණුම් වලට මුදල් හුවමාරු කිරිමේ කටයුතු සිදුකර ඇති බවයි බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ. මෙම විශ්‍රාමික බැංකු නිලධාරියා සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 10 දෙනකු සම්බන්ධකම් පවත්වා ඇති බවට වන තොරතුරු අනාවරණය වරුපියල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් මෙම විශ්‍රාමික බැංකු නිලධාරියා ඔහු හරහා වෙනත් බැංකු ගිණුමකට බැර කිරීමේදී රුපියල් ලක්ෂයක් වෙනුවෙන් ඔහු රු.9000 ක ගාස්තුවක් අය කර ඇති බවයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ. මෙම විශ්‍රාමික බැංකු නිලධාරියා මාසයක කාලයක් තුලදී රුපියල් මිලියන 6.5ක් එලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගිණුම් වලට මුදල් බැර කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇත. මෙම පුද්ගලයා සතු ලැප්ටොප් පරිගණකය සහ තවත් ලියවිලි කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇති බවත් මෙම ක්‍රියාව ඔහු කොපමණ කාලයක සිට සිදුකරගෙන ආවද, එලෙස මුදල් යවනු ලැබුවේ කාටද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදුකරන බවයි බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget