lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

ديسمبر 2019

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වනවිට සිංගප්පූරුවෙන් ද පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
ඔහු කොහේ පලාගිය ද ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාල කටයුතු සූදානම් කර ඇතැයි ද ඇමැතිවරයා පවසයි.
දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඔහු ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සකස් කර ඇතැයි ද ඔහු පැවසුවේය.
ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන චුදිතයෙකු වන ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු ගණනාවක් නිකුත් කර ඇත.

රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා මේ වනවිට පත්කර ඇති සහ පත් කිරීමට නියමිත ආයතන ප්‍රධානීන් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ කොන්දේසියක් පනවා තිබෙනවා. ඒ අනුව නව ආයතන ප්‍රධානීන් විසින් වසරක කාලසීමාවක් ඇතුළත අදාල ආයතනයේ ප්‍රගතියක් පෙන්වීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම සභාපතිවරයා විසින් භාරගත යුතු අතර වගකීම භාර ගැනීමෙන් නොනැවතී තනතුරෙන් ඉවත් වීමටද සිදුවනු ඇත.‍

මෙතෙක් පැවති සාමාන්‍ය ක්‍රමවේදය වූ පවත්නා ර‍ජයේ සහ විෂයභාර ඇමතිවරුන්ගේ හිතවත්කම් සබඳතා මත ආයතන ප්‍රධානීන් පත් කිරීම වෙනුවට මෙවර විශේෂ කමිටුවක් විසින් නිර්දේශ කරන පුද්ගලයන් රාජ්‍ය ආයතන සඳහා පත් කිරීමට නියමිත වේ. ඒ අනුව ජනවාරි මාසය ඇතුළත සියලු පත් කිරීම් අවසන් කිරීමට නියමිතය.

සුදුසුකම් හා අත්දැකීම් පරීක්ෂා කර බලා සුදුසුම අයට අදාල පත්වීම් ලබාදෙන බැවින් ඔවුන්ට සිය හැකියාවන් පෙන්වා ආයතන ඉදිරියට ගෙනයාම සඳහා වසරක් ප්‍රමාණවත් වන බවයි ජනාධිපතිවරයාගේ අදහස වී තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ පළමු වසර අවසානයේ ප්‍රගතියක් අත්පත් කර නොගන්නා ඕනෑම ආයතන ප්‍රධානියෙකු ගෙදර යෑමට සූදානම්ව සිටිය යුතු බවයි. පෞද්ගලික හිතවත්කම් මත හෝ වෙනත් කිසිදු හේතුවක් මත එය වෙනස් නොවන බවත් තමාට වැදගත් වන්නේ රට මිස පෞද්ගලික හිතවත්කම් හෝ පුද්ගලයන් නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

සුගිය සතියේ පැවති කැබිනට්  මණ්ඩල රැස්වීමේ දී රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ අවධානය යොමු වුනා.

මසකට රුපියල් ලක්ෂ 210කට මෙම ගොඩනැඟිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට පසුගිය ආණ්ඩුව කාලයේදී ලබාදීම පිළිබඳව විශාල ආන්දෝලනයක් ඇති වුනා.

මෙතරම් විශාල මාසික කුලියට මෙම ගොඩනැඟිල්ල ලබාදුන්නේ කාගේ වුවමනාවටදැයි කියා කුතුහලයක් ද පැවැතුණු අතර බොහෝ දෙනකුගේ චෝදනාව එල්ල වූයේ එවකට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකටයි.

නමුත් ජනාධිපති කොමිසමේදී කරුණු දැක්වූ දුමින්ද දිසානායක කියා සිටියේ මෙම ගොඩනැඟිල්ල කුලියට ලබාගැනීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු සම්බන්ධයක්  නොමැති බවයි.

මෙම ගොඩනැඟිල්ල කුලියට ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් බව දුමින්ද දිසානායක විසින් ජනාධිපති විමර්ශන කොමිසමට දැනුම් දුන්නා.

මෙම ගොඩනැඟිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය පෙර පැවැති බත්තරමුල්ලේ ගොවිජන මන්දිරය වෙත ගෙනයෑමේ කැබිනට් සන්දේශයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ අතර මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ වැඩබලන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන විසින්.

ඒ කාලෙදිත් මේ බිල්ඩිමට විශාල මුදලක් වියදම් කිරීම ගැන මහින්ද අමරවීර අමාත්‍යතුමාද විරෝධය පළ කළ බව ඩලස් අලහප්පෙරුම කැබිනට් රැස්වීමේදී මතක් කර සිටියා.

“මාත් ඒ ශාලාවේදී මේ ගැන ප්‍රශ්න කළා. ගොවි මහත්වරුන්ටත් මේ රාජගිරියේ බිල්ඩිම ගැළපෙන්නේ නැහැ. මේගොල්ලන්ට කොහොම හරි වුවමනා වෙලා තිබුණේ බිල්ඩිම රෙන්ට් එකට අරගෙන සල්ලි දෙන්නයි‘ යනුවෙන් මහින්ද අමරවීර කියා සිටියා.

“මේ රාජගිරියේ බිල්ඩිම ගොවි මහත්වරුන්ට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ” යනුවෙන් පැවැසුවේ එස්.එම්. චන්ද්‍රසේනයි.

අනිද්දා සිට ගමනාන්ත දෙකක අධිවේගී බස් රථ ගාස්තු අඩුවෙයිදක්ෂිණ අධිවේගි මාර්ගයේ ගමනාන්ත දෙකකට අදාළ බස් ගාස්තු අනිද්දා (23) සිට අඩු කිරීමට පියවර ගෙන තිබේ.
මාතර සිට මීගමුව දක්වා සහ ගාල්ල සිට මීගමුව දක්වා ධාවනය වන බස් රථවල ගාස්තු අඩුකර ඇති බව මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය සඳහන් කළේය.
මීගමුව සිට මාතර දක්වා රුපියල් 720ක් වු දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තුව රුපියල් 700ක් දක්වා අඩුකර තිබේ.
එමෙන්ම මීගමුව සිට ගාල්ල දක්වා වු අධිවේගි මාර්ගයේ බස් ගාස්තුව රුපියල් 630 සිට රුපියල් 600 දක්වා සංශෝධන කර ඇති බවයි මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය පැවසුවේය.

නුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව අන්තර්ජාල මාධ්‍ය ගණනාවක් වාර්තා කර ඇත.

ජනාධිපතිවරණයේදී ලැබූ පරාජයේ වගකීම භාර ගනිමින් ඔහු මෙසේ ඉල්ලා අස්වීමට සූදානම් වී ඇති බවත් ඒ බව දේශපාලන මණ්ඩලයට දැනුම් දී ඇති බවත් එම වාර්තාවන්හි සඳහන් වෙයි.

ජනාධිපතිවරණයෙන් පසු පැවති පළමු දේශපාලන මණ්ඩල රැස්වීමේදී දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගත් බවද එම වාර්තා වල දැක්වේ.

ජනාධිපතිවරනයෙන් අනුර දිසානායක මහතා ලබා ගත්තේ 3%ක් පමණ වූ ඡුන්ද ප‍්‍රතිශයක් වන අතර එය 5%ට අඩුවීම හේතුවෙන් ඇප මුදල පවා රාජසන්තක විය.

ක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය රජයේදී මෙහෙය වන ලද අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් අවභාවිතාවක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ අනුව රාජ්‍ය මුදල් නියමිත ක්‍රමවේදයකින් තොරව භාවිත කිරීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා ඉදිරි කටයුතු කිරීමට සියල්ල සූදානම් බව වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණය පැවැති (නොවැම්බර් 16 දා) දිනයේ මන්නාරම් දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් පිරිසක් ප්‍රවාහනය කිරීම වෙනුවෙන් මේ මුදල් අවභාවිත කර ඇතැයි ලද පැමිණිල්ලක් මත මේ වනවිට පරීක්ෂණ සිදු කෙරේ.

ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව පිළි ගැනීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම යෝජනාව ශ්‍රී ලංකාවට අනර්ථකාරී බැවින් එය පිළිගැනීමට රජයට නොහැකි බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලගයේදී විදේශීය මාධ්‍යවේදීන් සමග පැවති හමුවක් අමතමිනි.

මෙම මාධ්‍ය හමුව සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ විදේශීය මාධ්‍ය ආයතන වල මෙරට නියෝජිත එක්ව සිටියහ.

මේ අතර වාර්තා වන්නේ එළැඹෙන මාර්තු මාසයේදී පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා ඉදිරිපත් වන්නේ නම් ඒවා කල් දමන ලෙස එම කොමිසමෙන් ඉල්ලා සිටීමට රජය සූදානමින් සිටින බවයි.

එම මාසයේදී ශ්‍රී ලංකාවේ රට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන නිසා එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට යන්නේ යැයි වාර්තා වෙයි.

ජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙන්ම පාර්ලිමේන්තු කණ්ඩායමේ ඒකමතික අනුමැතියකින් තොරව එක්සත් ජාතික පක්ෂයේ කිසිදු වගකීමක් භාරගැනීමට තමන් කිසිවිටෙක සූදානම් නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා එජාප නායකයාට දන්වා තිබේ.

මහ නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහ සංඝරත්නය මෙන්ම එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක්ද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගෙන ඉදිරි මැතිවරණ කටයුතු මෙහෙයවන ලෙස ඉල්ලීමක් කර තිබියදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද කරු ජයසූරිය කථානායකවරයා හමුවී එම ඉල්ලීම කළ අවස්ථාවේ ඊට පිළිතුරු ලෙස කථානායකවරයා මේ බව සඳහන් කර තිබේ.

“මේ වගේ අර්බුදයක් තිබූ උෟව පළාත් සභා මැතිවරණයට පෙර ඔබතුමා මගේ ප්‍රධානත්වයෙන් නායකත්ව මණ්ඩලයක් පත්කළා. පක්ෂය ජයග්‍රහණය කරා මම ඒ මැතිවරණය මෙහෙයවීමේ වගකීම භාරගත්තා.  එතැනදී මම විශාල වැඩ කොටසක් කළා. මම ගිහින් හරින්ගේ තාත්තාට කතා කරලා හරින්ව පාර්ලිමේන්තුවෙන් අයින් කරගෙන හරින්ව මහ ඇමැතිකමට ගේන්න එකඟ කරගත්තා. ඒ වෙලාවෙත් සජිත් වෙනම ගමනක් යමින් හිටියේ. මම ගිහින් කතා කරලා සජිත්වයි ඔබතුමාවයි එකම වේදිකාවකට ගෙනත් පක්ෂයේ එකමුතුකම රටට පෙන්නුවේ. අන්තිමට නායකත්ව මණ්ඩලය විසුරුවා ඔබතුමා මාව කරපිංචා කොළයක් වගේ පැත්තකට විසිකළා. ඔබතුමා සජිත් වගේ වෙනම ගමනක් ගියා” යනුවෙන් එහිදී කථානායක කරු ජයසූරිය මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබේ.

“මේ පිළිබඳව පක්ෂයේ නායකයන් සමඟ සාකච්ඡා කොට ඉදිරි පියවරක් ගමු” යැයි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කථානායකවරයාට පවසා තිබේ.

කෙසේ වුවද මහ නායක හිමිවරුන් ඇතුළු මහ සංඝරත්නයද එජාප මන්ත්‍රිවරු මෙන්ම වික්‍රමසිංහ මහතාගේ සමීපතමයන්ද අවධාරණය කර ඇත්තේ වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් බැහැරව යෑමට සුදුසුම අවස්ථාව එළැඹී ඇති බවයි.

ක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති චම්පික රණවකට එරෙහි චෝදනාවලට තවත් ප්‍රබල සාක්ෂියක් පොලිසියට ලැබී තිබේ.

2016 වසරේ දී අදාළ අනතුර දිනයේ රිය පැදවූ රණවක ඇමතිවරයා වෙනුවට වෙනත් රියදුරෙකු ඉදිරිපත් කිරීම සදහා කටයුතු කල පුද්ගලයා පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදී ඇත.

අදාළ රිය අනතුර වූ අවස්ථාවේ නම් චම්පික රණවක රියැදුරා නොවන බවට සහතික කිරීම සඳහා බොරැල්ල පොලීසියට තුසිත කුමාර නම් රියදුරු ඉදිරිපත් කිරීමට ගෙන ගොස් ඇත්තේ මෙම සාක්ෂිකරුවා විසිනි.

මෙම සාක්ෂිකරු හර්ෂ තිලකසිරි නම් පුද්ගලයකු වන අතර සිදුවීමෙන් පසු ඔහු චම්පික රණවක ඇමතිවරයා ගේ තර්ජනය හේතුවෙන් රටින් පිට වී ගොස් ඇති අතර මෑතක සිදුවූ ආණ්ඩු වෙනසින් පසු ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට ඔහු පොලිසියට සියලු සිදුවීම සඳහන් කර ඇති අතර තමන් එදින චම්පික රණවක ඇමතිවරයා වෙනුවෙන් තුසිත කුමාර නම් රියදුරා ඉදිරිපත් කිරීමට බොරැල්ල පොලිසියට ගෙන ආ බව ඔහු තම ප්‍රකාශය මගින් පැහැලිදිව සඳහන් කර ඇත.

මාත්‍යංශවල සහ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කඩා පනින කණ්ඩායම් යෙදවීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම වැඩපිළිවෙල ආරම්භ කර තිබේ.

අක්‍රියව පවතින රාජ්‍ය සේවය විධිමත්, සක්‍රීය මහජන සේවයක් කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ආරම්භ කර තිබේ. ඒ යටතේ ජනාධිපතිවරයා, අගමැතිවරයා වුවද අදාල කඩා පනින කණ්ඩායම් සමග රාජ්‍ය ආයතන නිරීක්ෂණය සඳහා පැමිණීමට ද නියමිතය.

පසුගිය සතියේදී ජනාධිපතිවරයා හදිසියේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණි අතර ඒ එම මධ්‍යස්ථානය තුළ වැඩි මිලට සහල් අලෙවි කරන බවට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි. මීට අමතරව ජනාධිපතිවරයා මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙතද හදිසියේ පැමිණියේය.

මේ සම්බන්ධයෙන් රටේම අවධානය යොමුව තිබේ. ඒ සඳහා ලැබෙන සුබදායී ප්‍රතිචාර හේතුවෙන් ඉදිරියේදීද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර ඒ හරහා රාජ්‍ය ආයතනවල පවතින අඩුපාඩු මගහරවා ගැනීමට රජය බලාපොරොත්තු වේ.

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget