lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

January 2020

මොරොන්තුඩුව,කොරොස්දූව විහාරය ආසන්නයේ කළ සෝදිසි මෙහෙයුමකදී පෑන් පිස්තෝලයක කොටසක් සහ උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.

මෙම විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයකට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට නියමිතව තිබුණා.


එම උත්සවයට පෙර සිදුකල මාර්ග සෝදිසියේදී මෙලෙස ජීව උණ්ඩයක්, හිස පතොරම් කොපු දෙකක් සොයාගෙන ඇති බවට වාර්තාවනවා.

ඒ විහාරස්ථානය අසල පිහිටි වගුරු බිමකදීයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග සමලිංගිකයෙක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

රාමනායක මහතා විසින් සිදුකරන ලද දුරකතන සංවාදයක මේ බව සඳහන්වෙයි.


අදාල සංවාදය සිදු කරන්නේ රංගන ශිල්පිනියක් වන ජානකී විජේරත්න සමගයි.

එම හඬපටය මේ වන විට සමාජ ජාලාවන්හි ප‍්‍රසිද්ධ කර ඇත.

-lankacnews

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද (13) සිට ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මේ වන විට අදාළ දුරකථන සංවාද ඇතුළත් සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ලැබී තිබේ.

පසුගියදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ ද මන්ත්‍රී නිවාසයේ තිබී සොයාගත් බලපත්‍ර කල්ඉකුත් වූ ගිනි අවිය ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළේය.

ඒ අනුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් එම හඬපටවල අඩංගු සංවාද කුමක් ද යන්න පිළිබඳවත් එම හඬපටවල අනුපිටපත් සහ ඒ සඳහා භාවිත කළ පරිගණක දත්ත පිළිබඳවත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවද පැවසේ.

හඬ පට අන්තර්ජාලයට දැමූ අයකුගෙන් ප‍්‍රශ්න කරයි

රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද අඩංගු හඬපට අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රසිද්ධ කළ බවට සැක කෙරෙන පුද්ගලයකුගෙන් ප‍්‍රශ්න කිරීම ඊයේ (12) වැනිදා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මොහු මෙය ව්‍යාපාරයක් ලෙස කරගෙන ගියාද එසේ නැතිනම් කිසිවෙකුගෙන් පළිගැනීමේ චේතනාවෙන් ප‍්‍රසිද්ධ කළා දැයි පොලිසිය ප‍්‍රශ්න කරගෙන යන අතර මෙම හඬපට දැන් බොහෝ අය අතට පත්වී තිබෙන බවද පොලිසිය පවසයි.

මෙම හඬපට පොලිසිය මගින් ප‍්‍රසිද්ධ කළ බවට ඇතැමුන් චෝදනා කරන නමුත් පොලිසිය මෙතෙක් එවැන්නක් සිදුකර නැති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය. 

ක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ලබාදීමට රහසේ සැලසුම් සකසමින් සිටින බව හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණේ සුළු දේශපාලන පක්ෂ ඉදිරි මැතිවරණයේදී වෙනම තරග කල යුතු බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක මහතා පවසද්දී එසේ නොකරන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නොපවසන්නේ යයිද ඔහු කියයි.
ඒ ආකාරයෙන් සුළු දේශපාලන පක්ෂ හා එක්සත් ජාතික පක්ෂය තනිව තරග කළහොත් මහ මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය 2/3ක විශාල ජයක් ලබාගන්නා බවද ගනේෂන් මහතා පැවසීය.

මෙම තීරණය ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිසකගේ තීරණයක් බවත් කී ඔහු එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් මේ ආකාරයෙන් ආණ්ඩුව සමග රහස් කුමන්ත්‍රණයක සිටින බවද කිවේය.

මේ ආකාරයේ කටයුතු හේතුවෙන් සුළු දේශපාලන කණ්ඩායම්වලට ආණ්ඩුව සමඟ සෘජු සාකච්ඡාවක් පැවැත්වීමට දොර විවෘත කිරීමක් බවද ඔහු තව දුරටත් සඳහන් කළේය. 

න්ජන් රාමනායක වැනි නළුවන් දේශපාලනය නොකර රංගනයේ යෙදී සිටීම වඩා සුදුසු බව උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

රාමනායක මහතා විසින් කර ඇති බව කටයුත්ත ඉතාම කැත බවත් පක්‍ෂයක් ලෙස මේ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ නමුත් එක පිස්සෙක් කල වැඩක් නිසා ස්වාධීන අධිකරණය අහෝසියි වන බවද කී ඔහු රන්ජන් රාමනායක යනු රහස් පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව නොවන බවද සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී. 

ලක්ෂ එකහමාරකට ආසන්න වූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන සංවාද හඬ පට අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කබීර් හසීම්, මංගල සමරවීර, රවී කරුණානායක, වජිර අබේවර්ධන ආදී එම පක්ෂ ප්‍රබලයන්ට දැඩිව විවේචනය කරන සංවාද කිහිපයක්ම ඇතුලත් බව වාර්තා වෙයි.

බැඳුම්කර චෝදනා එල්ලවී ඇති අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, හෙක්ටර් අප්පුහාමි වැනි මන්ත්‍රීවරුන් සමග සිදුකරන ලද සංවාද හඬපටද ඇතුලත් යැයි සදහන්ය.

මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය තුලින්ම රාමනායක මහතාට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වී ඇත.

ඔහුට විරුද්දව විනය පරීක්ෂණ පවත්වා පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්නැයි දැනටමත් ඉල්ලීම් ගණනාවක් පක්ෂ නායකත්වයට ලැබී තිබේ

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක්වන දුලක්ෂි ප්‍රනාන්දුගේ පියා නීති විරෝධී මත්පැන් ළඟ තබාගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන තිබේ.
වෙන්නප්පුව, සිරිගම්පල ප්‍රදේශයේ දී වෙන්නප්පුව පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු යතුරුපැදියකින් නීතිවිරෝධී මත්පැන් බෝතල් ප්‍රවාහනය කරමින් සිට ඇති බව පොලීසිය පවසයි.

රථවාහන වරදක් සම්බන්ධයෙන් සිය සහෝදරිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී එම ස්ථානයට පැමිණ පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රිණි දුලක්ෂි ප්‍රනාන්දු ද පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වු අතර එම සිද්ධියට අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ බොහෝ පිරිසකගේ අවධානයට ලක් විය.

අත්අඩංගුවට ගත් මෙම මන්ත්‍රීවරියගේ පියා මීට පෙර ද මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් දඞුවම් නියම වූ අයෙකු බව පොලීසිය සදහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකෙරෙන නව දේශපාලන පෙරමුණෙහි ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

සජින් වාස් ගුණවර්ධන යනු පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂ පවුලේ සමීපතමයකු ලෙස කටයුතු කළ පුද්ගලයකු වන අතර ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස ද ක්‍රියා කළේය. එම යුගයේදී ඔහුට එරෙහිව නොයෙකුත් දූෂණ චෝදනා එල්ල වූ අතර 2015 ආණ්ඩු පෙරළියෙන් පසු ඒ සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහරින ලදී.

කෙසේවෙතත් පසුගිය ජනාධිපතිවරණයේදී සජින් වාස් මහතා සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ක්‍රියාශීලීව ප්‍රචාරණ කටයුතුවල නිරත වූයේය.

සජිත් වෙනුවෙන් රට දිනවන ත්‍රිත්වය

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නව පක්ෂයෙහි කොළඹ දිස්ත්‍රික් නායකත්වය සුජීව සේනසිංහ මහතාට ද ගම්පහ දිස්ත්‍රික් නායකත්වය හරීන් ප්‍රනාන්දු මහතාට ද කළුතර දිස්ත්‍රික් නායකත්වය අජිත් පී. පෙරේරා මහතාට ද ලබාදීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කළේය.

ඔවුන් තිදෙනාම ඒ ඒ දිස්ත්‍රික්කවලින් මනාප ඡන්ද ලක්ෂ තුන බැගින් ලබාගන්නා බවට පොරොන්දු වී ඇති බව ද සඳහන්.

ප්‍රකාශිත හඬපටවලට අමතරව තවත් හඬපට රැසක් ඕස්ට්‍රේලියාවේ සහ එක්තරා ආරක්ෂිත ස්ථානයක තැන්පත් කර ඇති බවත් අවශ්‍ය මොහොතක ඒවා ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය.

ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් අප මන්ත්‍රීවරයාගෙන් කරුණු විමසූ මොහොතේ ඔහු මේ බව ‍කීය.

එසේම මේ ගැන විමර්ශනයට තමන් ජනාධිපති කොමිසමක් ඉල්ලා සිටින බවත් එය පිහිට වූ පසුව ඒ හමුවේ පෙනී සිටිමින් සියල්ල හෙළිදරව් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමන් මෙලෙස හඬපට ළඟ තබාගත්තේ යහපාලන ආණ්ඩුව දුන් පොරොන්දු ඉෂ්ට කිරීමට බවත් හොරුන් දූෂිතයන් යහපාලන ආණ්ඩුව විසින් ආරක්ෂා කළ නිසා තමන් ජනතාවට දුන් පොරොන්දුව වෙනුවෙන් පෙනී සිටි බවත් මන්ත්‍රීවරයා පැවසීය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සහෝදරියද  ඕස්ට්‍රේලියාවේ ජිවත්වේ

2015 වසරේදී සිදු වූ දූෂිත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ අඛණ්ඩව සිදුකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා පවසනවා. ඔහු පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව පවසා තිබේ.

පසුගිය රජය සමයේදී බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන අඛණ්ඩව සිදු කිරීම සඳහා ජනාධිපතිවරයා ලෙස තමන් සෑම උත්සාහයක්ම ගත් නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහ බාධා සිදුකළ බවත්, එම පරීක්ෂණ කටයුතුවල නිරත වූ පොලිස් නිළධාරීන් ඉන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පවස තිබෙනවා.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන සකස් කිරීමට පවා කටයුතු කළ බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ. කෙසේ වෙතත් එල්ල වූ විවිධ බාධා හේතුවෙන් එය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපති ධුරය දරන සමයේදී තමන් භාවිතා කළ නිවස විශ්‍රාම යෑමෙන් පසුවත් ලබාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, එය මෙතෙක් බලයේ සිටි සියලු ජනාධිපතිවරුන් ලබාගෙන ඇති අයිතිවාසිකමක් බවයි. 1986 දරන ජනාධිපති හිමිකම් පනත මගින් හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ පිළිබඳව අර්ථ දක්වා ඇති බවත්, එම පනත උල්ලංඝනය වන පරිදි තමන් කිසිදු ප්‍රතිලාභයක් ලබාගෙන නොමැති බවත් ඔහු පවසනවා.

පසුගිය කාලවකවානුව තුළ මහපොළ ශිෂ්‍යාධාර අරමුදලේ සිදුව ඇති මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණයක් සිදුකරන ලෙස දැනුම්දී ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 
ඊයේ (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පල කළේය. 
මේ අතර එළඹෙන අයවැයෙන් අනතුරුව මහපොළ ශිෂ්‍යාධාර ඉහළ නැංවීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.


පාර්ලිමේන්තුමන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකතන සංවාද ඇතුලත් හඩපට සම්බන්ධයෙන් අනිද්දා (13) දිනයේ සිට විමර්ශන කටයුතු ආරම්භ කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. 
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සතුව තිබී සොයාගත් දුරකතන සංවාද ඇතුලත් සී.ඩී. තැටි හා පරිඝණක ඇතුළු උපකරණ රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත්කර වාර්තාවක් ලබා ගන්නා ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් කොළඹ අපරාධ කොට්ඨාසයට පසුගිය 9 වනදා නියෝග කළේය. 
ඒ අනුව අදාල හඩපට ඇතුලත් සී.ඩී. තැටි කොළඹ අපරාධ කොට්ඨාශය විසින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. 
මීට අමතරව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මාදිවෙල නිවසේතිබී සොයාගත් බලපත්‍රය කල්ඉකුත්වූ ගිනිඅවිය ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.
ඒ අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ අදාල හඩපට සහ ගිනිඅවිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කළේය.
එම හඩපටවල අඩංගු සංවාද කුමක්ද යන්නත්, එම හඩපටවල අනුපිටපත් හා ඒ සදහා භාවිත කල පරිඝණකවල දත්ත පිළිබඳව නිශ්චිතව අධිකරණයට කරුණු වාර්තාකිරිම අදාල විමර්ශනය මගින් සිදු කිරීමට නියමිතව තිබේ. 
මේ අතර ආන්දෝලනාත්මක දුරකතන සංවාද කිහිපයක් අද දිනයේදීත් මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

වෙන්නප්පුව කම්මලවැල්ල මුහුදේ අද (11) සවස 04.30ට පමණ දිය නාමින් සිටි කාන්තාවක් සහ  පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වී ඇත.
පසුව ඔවුන් තිදේනාගෙන් කාන්තාවගේ සහ එක් පිරිමි පුද්ගලයේකු මුහුදු වෙරලට ගොඩ ගසා ඇති අතර ඔවුන් දංකොටුව රෝහලට ඇතුග් කිරීමෙන් අනතුරු මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනෙක් පුද්ගලයා තවමත් අතුරුදන් බවත් ඔහු සොයා මෙහෙයුම් කටයුතු සිදු කරන බවත් පොලීසය සඳහන් කරයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මාකඳුර හා සඳලංකාව ප්‍රදේශවල පදිංචි කරුවන්.
වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්යි. 

අසර්බයිජාන්හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනොගේ දේහ කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා එරට රජය සමඟ මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි.
එම සුසුවියන් මියගොස් තිබුණේ, නවාතැන් ගෙන සිටි නිවසේ ඇති වු ගින්නකින්.
මෙම සිසුවියන් තිදෙනා මීට මාස හයකට පෙර අසර්බයිජානයේ වෙස්ට් කැස්පියන් පෞද්ගලික විශ්ව විද්‍යාලයට ඇතුළත්ව තිබුණේ, වසරක ඉංග්‍රීසි පුහුණු පාඨමාලාවක් සඳහායි.
බකූ අගනුවර පිහිටි ඔවුන් ඉගෙන ගත් විශ්වවිද්‍යාල  ආසන්නයේම බේයිල් නාගරික සීමාවේ පිහිටි පෞද්ගලික දෙමහල් නිවසක මොවුන් නවාතැන් ගෙන ඇත.
එම නිවසේ පහත මාලයේ ගින්නක් ඇත්වන්නේ පසුගිය 9 වැනිදායි. 
නිවසේ විදුලි පරිපථයේ ඇති වු දෝෂයක් හේතුවෙන් ගින්න හට ගෙන අති බව පැවසෙයි.
එහිදි දුම ආග්‍රහනයවීමෙන් මෙම සිසුවියන් තිදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.
මිය ගිය තිදෙනා අතර පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි සහෝදරියන් දෙදෙනෙකුද වේ.
ඔවුන් අතරින් වැඩිමල් සොහොයුරිය වන මල්ෂා සංදීපනි 23 වැනි වියේ පසු වු අතර ඇයගේ සොහොයුරිය වන තාරුකි අමායා 21 වැනි වියේ පසු විය.
මෙම දරුවන් දෙදෙනාගේ මියයැමේ සිද්ධිය පිළිබඳ දැන ගත් ඔවුන්ගේ නැන්දනිය හෘද්‍යාබාධයක් හේතුවෙන් ඊයේ (10) ජීවිතක්ෂයට පත් විය.
සිද්ධියෙන් මියගිය අනෙක් සිසුවිය කඩුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි අමෝද්‍යා මදුහංසි නැමැති 25 හැවිරිදි තරුණියක්.
විදේශ සබඳතා අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා අප කළ විමසීමකදි සඳහන් කළේ තරුණියන්ගේ දේහ කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා එරට රජය සමඟ මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි.
අසර්බයිජාන්හි මෙරට තානාපති කාර්යාලයක් නොමැති හෙයින් ඉරානයේ ටෙහෙරාන්හි පිහිටි මෙරට තානාපති කාර්යාල නිලධාරීන් විසින් එරට රජය සමඟ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකමම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget