එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ලබාදීමට රහසේ සැලසුම් සකසමින් සිටින බව හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පෙරමුණේ සුළු දේශපාලන පක්ෂ ඉදිරි මැතිවරණයේදී වෙනම තරග කල යුතු බවට පාර්ලිමේන්තු මන්ත්රී නවීන් දිසානායක මහතා පවසද්දී එසේ නොකරන ලෙස පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා නොපවසන්නේ යයිද ඔහු කියයි.
ඒ ආකාරයෙන් සුළු දේශපාලන පක්ෂ හා එක්සත් ජාතික පක්ෂය තනිව තරග කළහොත් මහ මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය 2/3ක විශාල ජයක් ලබාගන්නා බවද ගනේෂන් මහතා පැවසීය.
මෙම තීරණය ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිසකගේ තීරණයක් බවත් කී ඔහු එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් මේ ආකාරයෙන් ආණ්ඩුව සමග රහස් කුමන්ත්රණයක සිටින බවද කිවේය.
මේ ආකාරයේ කටයුතු හේතුවෙන් සුළු දේශපාලන කණ්ඩායම්වලට ආණ්ඩුව සමඟ සෘජු සාකච්ඡාවක් පැවැත්වීමට දොර විවෘත කිරීමක් බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.
Post a Comment