lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/34mtJKS පාස්කු විමර්ශනය : අපට ජනපතිව විශ්වාසයි - ඇමති අරුන්දිකගෙන් කාදිනල් හිමිගේ කතාවට පිළිතුරු පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සම්බන්ධ විමර්ශනවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු අතපෙවීමක් සිදු නොකරන බවත් ආණ්ඩුවේ කතෝලික ඇමතිවරුන් ලෙස තමන් මේ ජනාධිපතිවරයා යටතේ එම ප්‍රහාරයේ වැරදිකරුවන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වනු ඇතැයි අතිශයින්ම විශ්වාස කරන බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.  "අපි විශ්වාස කරනවා මේ රටේ නීතිය. අපි විශ්වාස කරනවා අතිගරු ජනාධිපතිතුමාව. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරය දරණ මේ ආණ්ඩුව තුළ දැවැන්ත විශ්වාසයක් නීතිය ගැන අපට තියෙනවා.  එතකොට මේ පරීක්ෂණවලදි තාම අපට කියන්න බෑ හරියටම මේකෙ අවසානය මොකද්ද කියන එක අපි තාම දන්නෙ නෑ. ඉතිං මේක අවසානයෙදි හරි තොරතුරු එළියට එයි කියලා දැවැන්ත විශ්වාසයක් අපට තියෙනවා. මම හිතන්නෙ ඉදිරියෙදි අපි බලන්න ඕනෙ ... මම කියන්නෙ තාම අපට මේක කල් වැඩියි මේක ගැන කියන්න. අපි හිතනවා මේ පරීක්ෂණ අවසානයෙදි තමයි අපට හරියටම දැනගන්න පුළුවන් මේකට කවුද සම්බන්ධ, කවුද නැත්තෙ කියලා.  දැන් අපි සමහරක් වෙලාවට අපි කිව්වත් මොකක් හරි දෙයක් කරුණු, ඒවත් එක්ක නේද මේ පරීක්ෂණ කරන්නෙ ? හැබැයි අනිත් කාරණාව තමයි අපට තේරෙනවා නම් මොනවා හරි දෙයක් නිසා - කතෝලික ඇමතිවරු හැටියට අපි කියන්නෙ - මොනවා හරි දෙයක් නිසා කවුරුහරි මේක වෙනත් ආකාරයකට මෙහෙයවනවා කියනවා නම් අපි ආණ්ඩුව තුළ ඒ විරෝධතාවය අපට තියෙනවා. නමුත් අපට දැවැන්ත විශ්වාසයක් අතිගරු ජනාධිපතිතුමා පිළිබඳව තියෙනවා. අපි දන්නවා එතුමාගේ වැඩපිළිවෙල පිළිබඳ මේ තාක් දුරට අපි දැක්කා. එතුමා නීතියට අත දාන්නෙ නෑ. හැබැයි නීතිය කරන අය මේක හරියට කරයි කියන එක අපට ක්‍රිස්තියානි ඇමතිවරු හැටියට අපේ ජනතාව පැත්තෙන් අපේ තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.  අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව පවසා තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ සැක පහළ කරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඊයේ (03) ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් කළ විමසීමකදී ඊට පිළිතුරු ලබාදෙමිනි.   noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget