lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2VQvEDc කැමැත්ත අකමැත්තෙන් වැඩක් නැහැ ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න වෙනවා - බිමල් රත්නායක (VIDEO) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින බවට දිවුරුම් දී ඇති පසුබිමක ජනාධිපතිවරයා සිය කැමැත්ත අකමැත්ත මත නොව ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසුවේය. බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේ අද (23) කථානායක නිල නිවසේදී පැවති ව්‍යවස්ථාදායක සභාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙලෙස මුරණ්ඩු ලෙස කටයුතු කර රට විනාශය කරා රැගෙන ගොස් ඔහුත් විනාශ වූ බව හෙතෙම කියා සිටියේය. "පාර්ලිමේන්තු මැතිවරණය ජූනි 20 තිබෙන්නේ. එතකොට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් එක දැනටම අවලංගු වෙලා තියෙන්නේ. එතුමාට  පාර්ලිමේන්තුව මැයි 14 කැඳවන්න බැහැ. එතුමා වගකිවයුතු රාජ්‍ය නායකයෙකු වශයෙන් කළ යුතු වන්නේ රට දෙපැත්තක ගෙනියනවා වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  කරුණු විමසන එක" එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පවරා තිබෙන වගකීමක් බව බිමල් රත්නායක මහතා අවධාරණය කළේය. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget