lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2xbaHdE කොරොනා ක‍්‍රමයට නම් දෙගුණයක් ගාස්තු ඕනෑ.. පුද්ගලික බස් වර්ජනයේ.. හැදුනුම්පත් අංක නොතකා ජනතාව නගර කරා ! කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග දින තුනක් පනවා තිබු ඇදිරි නිතිය (28) දින උදැසන 5 ට ඉවත් කිරිමෙන් අනතුරුව හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට දිනපතා ධාවන කටයුතු ආරම්භ කරන දුර සහ කෙටිදුර ධාවන බස් රථ ධාවනයෙන් ඉවත් කර ගැනිමට හැටන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයට කටයුතු කර ඇත. සෞඛ්‍යය අංශ විසින් ලබා දි ඇති නිර්නායක අනුව තමන්ට බස් රථයේ මගින් 21 දෙනෙකු රැගෙන ධාවනය කිරිමෙන් විශාල පාඩුවක් සිදු වන නිසා තමන් මෙසේ ධාවන කටයුතු  වලින් ඉවත් විමට කටයුතු කල බවයි පෞද්ගලික බස් රථ රියදුරන්ද කියා සිටින්නේ. හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට දිනපතා බස් රථ 300 ක් පමණ ධාවනය වන අතර එම බස් රථ සියල්ලම (28) දින ධාවනයෙන් ඉවත්කිරිමට එම සංගමය කටයුතු කර ඇත. සෞඛ්‍යය උපදෙස් පිලිපදිමින් මගින් ප්‍රවාහනය කල යුතු බවත්, තමන්ට බස් රථ ධාවනය කිරිමෙන් විශාල පාඩුවක් සිදු වන නිසා දැනට මගියෙකුගෙන් ගමනාන්තය දක්වා අය කරන මුදල දෙගුණ කර අය කිරිමට රජය අනුමැතිය ලබාදෙන්නේ නම් බස් රථ ධාවනයට එක් කල හැකි බව එම සංගමය පවසයි. පෞද්ගලික බස් රථ ධාවනය කටයුතු වලින් ඉවත් වුවද හැටන් ලංගම ඩිපෝව මගින් දුර සහ කෙටිදුර ධාවනයට බස් රථ එක් කර ඇති අතර එම බස් රථ වල සෞඛ්‍යය උපදෙස් අනුව මගින් ප්‍රවාහනය කරනු ලබයි. හැටන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ සෞඛ්‍යය බලධාරින් ලබා දි ඇති නිර්නායක අනුව බස් රථ ධාවනය කිරිමට හැකි අය බස් රථ ධාවනය කරවන ලෙසයි. මේ අතර (28) දින අලුයම ඇදිරි නිතිය ඉවත්කිරිමෙන් පසු හැටන් නගරයේ සතොස කාර්යයාලය ඉදිරිපිට අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය මිල දි ගැනිමට දිගු පෝලිම්වල ජනතාව රැදි සිටියද වතුකරයේ ජනතාව නගරයට පැමිණිමේදි ජාතික හදුනුම්පත් අවසන් අංකය අනුව නගරයට පැමිණම සිදු කල යුතු බව පිලිබදව තමන් දැනුවත් නොමැති  බවයි වතුකරයේ ජනතාව කියා සිටියේ. – හැටන් රංජිත් රාජපක්ෂ noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget