lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3eOdH0P ජනපතිගේ ගැසැට්ටුවට එරෙහිව සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයට ජුනි මස 02 වැනිදාට පෙර මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුහැරීමේ ගැසට් ගැසට් නිවේදනයට අනුව නැවත මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්විය යුතුය. ජුනි මස 02 වැනිදාට පෙර ඡන්දය පැවැත්විය නොහැකි බැවින් එම ගැසට් නිවේදනය වලංගු නොවන බව හිටපු මන්ත්‍රීවරයා මාධ්‍යට පවසා ඇත. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවුවත් නැතත් ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට රැස්වීමට හැකියාව ඇති බවද ඔහු අවධාරණය කළේය. 2018 නොවැම්බර් මාසයේදී ව්‍යවස්ථාවට පටහැනි ආකාරයට කටයුතු කළ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලැබෙන තෙක් කථානායකවරයාට පාර්ලිමේන්තුව රැස් කිරීමේ හැකියාව තිබූ බවද ඔහු සිහිපත් කළේය. අධිකරණ කටයුතු නතර කර ඇති බැවින් ඊ ක්‍රමයට නඩුවක් ගොනු කිරීමේ හැකියාව ඇති බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවැසුවේය. මූලාශ්‍රය - අරුණ Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget