lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2AZndOY පාර්ලිමේන්තුව කැඳවලා කොරෝනා තත්වයට අදාළ නීති සංශෝධනය කරලා මැතිවරණය තියමු - සජිත් කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානමක් පවතින තත්වයක් තුළ මැතිවරණයක් පැවැත්වීමට නම් නිරෝධායන පනත සංශෝධනය කළයුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ද පෙන්වා දී ඇති හෙයින් පාර්ලිමේන්තුව නැවතත් රැස්කර, අදාළ නීතී සංශෝධනය කර මැතිවරණය පවත්වන ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කරයි. "පසුගිය දිනක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා මැතිවරණය පැවැත්වීමට අලුත් නිරෝධායන නීති රීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍යයි කියලා. විශේෂයෙන්ම මම සඳහන් කරන්න කැමතියි මැතිවරණයක් පැවැත්විය යුතුයි, ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ ක්‍රියාවලිය අත්‍යාවශ්‍යම දෙයක්. නමුත් වර්තමාන කෝවිඩ් ව්‍යාප්තිය දිහා බලනකොට මැතිවරණයක් පැවැත්විය යුත්තේ මහජනතාව ජීවත් කරවන්නට මිස ඔවුන් මරණ මංචකය කරා ගෙන යන්නට නොවෙයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාම කියනවා මැතිවරණය හෝ වෙනත් කුමන හෝ ක්‍රියාදාමයක් මේ අදාළ නීති රීති රෙගුලාසි මත ක්‍රියාත්මක නොවුණහොත් අපේ රට මීට වඩා අන්ත අසරණ වන තත්වයක් නිර්මාණය විය හැකි බව. මෙවන් තත්වයක් තුළ වඩාත්ම බුද්ධිමත්, ප්‍රායෝගික කාර්යය මොකක්ද ? ඒ තමයි වහාම පාර්ලිමේන්තුව කැඳවලා නව තත්වය යටතේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කර, ඊට අවශ්‍ය නීති රීති රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව සම්මත කරලා මැතිවරණය පැවැත්වීම සිදුකිරීම. පාර්ලිමේන්තුව කැඳවීම ගැන කිසිවෙකුත් චකිතයක් ඇතිකර ගැනීමට අවශ්‍ය නෑ. අපි පාර්ලිමේන්තු හස්තය උපයෝගී කරගෙන ජනාධිපතිතුමාට හෝ වෙනත් කණ්ඩායම්වලට විරුද්ධව දෝෂාභියෝග හෝ විශ්වාසභංග ගෙන ඒමට කටයුතු කරන්නේ නෑ. ඒක මම වගකිවයුතු විපක්ෂ නායකවරයෙක් හැටියට ප්‍රසිද්ධියේම කියනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget