lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2zVtMSC ලංකාවේදී මිය ගියාට වඩා වැඩි පිරිසක් ලාංකිකයන් මැදපෙරදිගදී කොරෝනාවෙන් මිය යයි.. විශාල පිරිසක් ආසාදිතයි ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත යොමු කර ඇති ලිපියක් මෙහි දැක්වෙයි. විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්. අධ්‍යක්ෂ ජනරාල්තුමණි, Covid– 19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටිනවිදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවස්ථාව උදාකර ගැනීම ඔබතුමන් Covid– 19 වසංගතය මැඩපැවැත්වීමේ පූර්ණ වගකිවයුතු බලධරයා වශයෙන් අනෙකුත් ආයතනයන්ගේ සහයෝගය ද ඇතිව ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලාංකික ජනතාව මුදවා ගැනීමට දරන උත්සාහය ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ඉතා ඉහළින් අගයමු. එමෙන්ම මෙම ගෝලීය ව්‍යසනයට සමගාමීව නොබෝ දිනකින් ශ්‍රී ලංකා රාජ්‍යයට මුහුණ දීමට සිදුවිය හැකි තවත් අභියෝගයක් මෙසේ ඔබ තුමන්ගේ අවධානයට යොමු කරවීමට කැමැත්තෙමු. මේ වන විට නොයෙකුත් වීසා මත පදනම්ව විදෙස්ගත වූ ශ්‍රී ලාංකිකයන් බොහෝ ප්‍රමාණයක් ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටී. මේ අතර විශේෂයෙන්ම මැදපෙරදිග කලාපය, බංගලාදේශය, වියට්නාමය සහ මියන්මාරය වැනි රටවල රැකියා සඳහා ගොස් වර්තමාන වසංගත තත්ත්වය හේතුකොට ගෙන රැකියා අහිමිව කිසිවක් කරකියාගත නොහැකිව අසරණ තත්ත්වයෙන් පසුවන ශ්‍රමිකයන් බොහෝ පිරිසක් සිටින බව සඳහන් කළ හැකිය. මේ අතරින් විශේෂයෙන්ම මැදපෙරදිග සිටින බොහෝ දෙනෙකු Covid– 19 වසංගත තත්ත්වයට ගොදුරු වී ආසාධිතයන් බවට පත්වීමට ඉතා ආසන්න තත්ත්වයක පසුවේ. මෙම අන්තරායකාරී  තත්ත්වය හමුවේ ඔවුන්ට සිය මව්බිමට පැමිණීම අරභයා අවසර ලබා දීම උදෙසා පහත කරුණු වෙත ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරවීමට කැමැත්තෙමු. 1. වෙනත් රටවල් සිය රටෙහි වෙසෙන Covid– 19 ආසාධිත විදේශිකයන් සඳහා ප්‍රතිකාර කිරීම සිදු කරනු        ලබනුයේ ආසාධිතයාගේ රෝගී තත්ත්වය උත්සන්න තත්ත්වයට පත් වූ පසුවය. 2.විශේෂයෙන් මැදපෙරදිග කලාපය තුළ Covid– 19 ආසාධනය වීමෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව      අප මව්රට තුළ දී Covid– 19 ආසාධනය වීමෙන් මියගිය සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගෙන ඇති  බවට වාර්තා වන අතර මෙම තත්ත්වය ආසාධිත රෝගීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ද මෙසේම විය හැකි බව කණගාටුවෙන් වුවද මෙහිලා දක්වනු කැමැත්තෙමු. 3.ශ්‍රී ලංකාව තුළ Covid– 19 වසංගත තත්ත්වය පාලනය කිරීම හේතුකොට ගෙන විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණීම ඉතා දැඩි ලෙස සීමා කිරීම හේතුවෙන් මෙරටට පැමිණීමට අත්‍යාවශ්‍ය තත්ත්වයෙන් පසුවන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දිනෙන් දින මෙම වසංගත තත්ත්වයට ගොදුරු වී ආසාධිතයන් බවට පත්වීම සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. 4.මේ අතර දරු ප්‍රසූතිය සඳහා මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන ගර්භණී මාතාවන් මෙන්මවිවිධ වූ මානුෂීය හේතු මත හා තවදුරටත් එමරටවල හෙට දිනය ගත කිරීම ඉතා ගැටලුකාරී තත්ත්වයකට පත්වීම හේතුකොටගෙන මව්රටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින නිරෝගී තත්ත්වයෙන් පසුවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බොහෝ  පිරිසක් ද සිටී. එමෙන්ම ඔවුන් දිනෙන් දින මෙම වසංගතයට ගොදුරු වීමේ ඉහළ අවධානමක පසුවේ. 5.වර්තමානයේ ක්‍රියාත්මකව පවතින නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව හා ඒවායේ ධාරිතාවයන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා නිරෝධායනය වෙත යොමු කිරීම උදෙසා ප්‍රමාණවත් නොවන බව පෙනී යයි. මෙම තත්ත්වය හමුවේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විශ්වාස කරනුයේCovid– 19 වසංගත තත්ත්වයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මුදවා ගැනීම ද ඔබතුමා මූලිකත්වය ගත් මෙම මෙහෙයුමේම ඉතා සංවේදී මෙන්ම මානුෂීය කොටසක් බවත්එබැවින් මෙම උවදුරෙන් සකල ශ්‍රී ලාංකික ප්‍රජාව මුදවා ගැනීමේ කාර්යභාරය ඔබතුමන් වෙත ඉතා වගකීම් සහගත කර්තව්‍යයක් ලෙස පැවරී ඇති බවයි. එහෙයින් ඉහත කරුණු වෙත අවධානය යොමුකර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නිරෝධායනයට යොමු කිරීම උදෙසා වූනිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කර Covid– 19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම හැකිතාක් කඩිනම් කර ඔවුන්  මෙම ගෝලීය ව්‍යවසනයෙන් මුදවා ගැනීම සඳහා ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමු කරන මෙන් ගෞරාවයෙන්ඉල්ලා සිටිමු. – ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget