lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2XOvgrx සෞඛ්‍ය අංශ උපදෙස් අනුව පනවා ඇති සීමා පළාත් මට්ටමින් ලිහිල් කිරීමට ජනපතිගේ අවධානය පළාත් මට්ටමින් ලැබෙන සෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලට ගෙන වර්ථමානයේ දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අවධානය යොමුවී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා. දේශීය ආර්ථිකය ආරක්ෂා වන අයුරින් දෛනික ආර්ථික ක්‍රියාකාරකම් කඩිනමින් ඇරඹීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් පළාත් මට්ටමෙන් තොරතුරු සොයා බැලීමේ විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පවත්වනු ලැබුවා. දිවයිනේ සියලු පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීහු සිය පළාත්වල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කරනු ලැබුවා. පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් කර්මාන්ත ආයතන, කෘෂිකර්ම සහ ව්‍යාපාර කටයුතු පෙර පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය නිර්දේශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මගින් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට දැනුම් දුන් බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ. දෛනිකව වේතන ලාභීන්ගේ ජීවනෝපාය කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම ප්‍රධාන අරමුණක් බව මෙහිදී සාකච්ජාවට බඳුන්වී ඇත. ඒ ඒ පළාත්වල කොරෝනා වෛරසය ආසාධිතයන්, ඔවුන් ළගින් ඇසුරු කර ඇති පිරිස් සහ දැනට ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාවලිය දීර්ඝ වශයෙන් විමර්ශනය කෙරිණ. දෛනිකව සිදු කෙරෙන රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක් විය. නිරෝධායන මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය සහ කළ යුතු වෙනස්කම් ද ජනාධිපතිතුමාගේ විමසුමට ලක්වූ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග සහ පවතින තත්ත්වය සමාලෝචනයට ද මෙය අවස්ථාවක් කරගත බව ජනාධිපතිතුමා සදහන් කර සිටියේ. ලොව සෙසු රටවල් හා සැසඳීමේ දී කොරෝනා වෛරසය මර්දනයට රජය ගත් ක්‍රියාමාර්ග ඉතා ඵලදායී බව පළාත් සෞඛ්‍ය බලධාරිහූ සඳහන් කර සිටියා. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget