lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/34FQmcM නීතිපති මුරකළ පොලිසියේ 7ක් නිරෝධායනයට පොලිස් නිලධාරීන් 21 දෙනෙකු ඊයේ (15) සවස නිරෝධායනය සඳහා දෙහිවල අත්තිඩියේ පිහිටි යෝජිත පොලිස් විශ්වවිද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබේ. මෙම 21 දෙනා අතර නීතිපති පොලිස් මුරපොළේ සේවය කළ නිලධාරීන් හත් දෙනෙකු ද සිටින බව වාර්තා වේ. ජාඇල දී හමුවූ Covid - 19 වෛරසය ආසාදිතයා ඇසුරු කළ කොළඹ සෝන්ඩර්ස් පෙදෙසේ පදිංචි පුද්ගලයෙකු ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම නිසා කොළඹ කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා ඉහත කොවිඩ් ආසාදිතයා ඇසුරු කර ඇති බවට අනාවරණය වීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගත් කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් දහතුනක් එම මුරපොළේ සේවය කළ නිලධාරියෙකු නිරෝධායනයට යොමුකර ඇත. මේ අතර, ජාඇළ සුදුවැල්ල ප්‍රදේශයෙන් සොයා ගත් කොවිඩ් - 19 වෛරස ආසාදිතයන් ඇසුරු කළ පිරිස් වෙසෙන පිටකොටුව ගුණසිංහපුර සහ නාගලගම්වීදිය ප්‍රදේශවල පුද්ගලයන් 300 කට ආසන්න පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමට ඊයේ (15 ) පියවර ගෙන තිබේ. රාජ්‍ය බුද්ධි ඒකකය, ශ්‍රී ලංකා යුද හමුදාව, පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් පසු මෙලෙස නිරෝධායනය කළ යුතු පිරිස හඳුනාගෙන ඇති බව පැවසේ. ඒ අනුව ගුණසිංහපුර මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයන් 100 ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇත. එම පිරිස අතර කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දස දෙනකුද සිටින බව ආරක්ෂක අංශ සඳහන් කරයි. නිරෝධායනයට පිරිස ගිය බසය වරකාපොලදී හැප්පෙයි පිටකොටුව නාගලගම්වීදිය ප්‍රදේශයේ පුද්ගලයන් 150 ක් පුනානි නිරෝධායන කඳවුර වෙත යොමු කර තිබේ. එම පිරිස සමග සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 20 දෙනකු සාම්පූර් නිරෝධායන කඳවුර වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත. ගුණසිංහපුර මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයන් 25 දෙනකු ස්වයං නිරෝධායනයටද යොමුකර ඇත. නිරොධායනයට ගෙන ගිය අතර ගණිකාවන් ගුණසිංහපුර සහ නාගලගම්වීදිය යන ප්‍රදේශවලින් මෙලෙස නිරෝධායනයට යොමු කළ පිරිස අතර යාචකයන්, ගණිකාවන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්, නාටාමිවරුන්, ජංගම වෙළෙන්දන්ද සිටින බව ආරක්ෂක අංශ සඳහන් කරයි. ඔවුන්ගෙන් සමහර පිරිස් පිටකොටුව මැනිං වෙළෙඳ පොළ සහ හතරවන හරස් වීදියේ සේවා කටයුතු සිදුකරන අය බවද අනාවරණය වී තිබේ. මේ අතර මෙම පිරිස සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යමින් සිටි නාවික හමුදාවට අයත් බස් රථයක් වරකාපොලදී එළවළු ලොරියක ගැටී ඇත. අනතුරින් එළවළු ලොරියේ රියැදුරු මරණයට පත්ව ඇති අතර බස් රථයේ සිටි නාවික හමුදා නිලධාරීන් තිදෙනෙකු සහ නිරෝධායනයට නියමව සිටි 26 දෙනෙකු තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget