lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://1.bp.blogspot.com/-AdyDuzF_hO8/XpfRCItvb9I/AAAAAAAC6gk/esF4hd8iRZoGf-YcRpm_lZprRjE0QcI0wCLcBGAsYHQ/s320/harak2.jpgකුඩුලෝලී මාමයි බෑණයි ගැබ්බර එළදෙනක සොරාගෙන හිසට පොරවකින් ගසා මරා මස් වලට කරපු දේ !

කොරෝනා ඇඳිරි නීතිය අස්සේ පාස්කු ඉරිදා අළුයම දඬුගම් ඔය ඔස්සේ ජාඇල ප‍්‍රදේශයේ වහටියගම සිට තෙප්පමකින් සීදූව පොලීසීයට අයත් කිඳිගොඩ ගම්මානයට පැමිණි මත්උවදුරට තදින් ඇබ්බැහිව ඇති මාමා කෙනෙක් සහ බෑනා කෙනෙක් ගෙවත්තක බැඳ සිටි ගැබ්බර එළදෙනෙකුගේ හිසට පොරවකින් ගසා මරා මස්කර ගෙන ගොස් අඩු මුදලකට අලෙවිකර ඇති පුවතක් සීදූව පොලීසියෙන් අනාවරණය වේ.
සීදූව පොලීසියේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කිඳිගොඩ ප‍්‍රදේශයට යන විට අසරණ ගොවි පවුලක් විසින් බලාපොරොත්තු ගොන්නක් හිස මත තබාගෙන ඇති දැඩිකර ඇති එම එළදෙනව මස්කර ගෙනගොස් තිබී ඇත.

එම එළදෙන රුපියල් එක්ලක්ෂ පනස්දහසක් පමණ වටිනාකමකින් යුත් සතෙක් වන අතර පාස්කු ඉරිදාට පෙරදිනයේද ගොවි මහතා විසින් එළදෙනට සාත්තු සප්පායම් කර ඇත. පාස්කු ඉරිදා දින කෑම රැගෙන එළදෙන බැලීමට යන අවස්ථාවේ අසරණ ගොවියා දැක තිබුණේ ඉතා ශෝචනීය දසුනකි. ඒ තම එළදෙනගේ සම සහ කුසේ සිටි නොමේරූ ගව පැටියාගේ සිරුර පමණී.

සීදූව පොලීසියේ නිලධාරීන් වහා ක‍්‍රියාත්මක වී වහටියගම ප‍්‍රදේශයට යන විටත් මතට ලොල්වී ඇති මාමා සහ බෑනා මස් ටික අලෙවිකර මදක් ඉතිරිව තිබී ඇත. පොලීසිය විසින් බෑනාව අත්අඩංගුවට ගෙන ඇති අතර මාමන්ඩිය පොලීසියෙන් මිදී දිවගොස් මඩවගුරු සහිත ලඳු කැලෑවක සැගව ඇති අතර ගව ඝාතනයට යොදාගත් පොරව සහ ප‍්‍රවාහනය කළ තෙප්පමද පොලිස් භාරයට ගෙන ඇත. මත්ලෝලී මාමන්ඩියව ඇල්ලීමට පොලීසිය ක‍්‍රියාකරමින් සිටී.

මේ පිළිබදව සීදූව පොලීසියේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති කෝෂල ලියනාරච්චි මහතාගේ මෙහෙයවීමෙන් සීදූව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජකරුණා මහතා පොලිස් සැරයන් 33256 කුමාරදාස, පොලිස් සැරයන් 32629 ගුණරත්න, පොලිස් කොස්තාපල් 72059 උපුල්, යන නිලධාරින් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ඇත.

ආනන්ද නිශ්ශංක - කටුනායක

from Gossip Lanka Hot News

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget