lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://1.bp.blogspot.com/-MGp7cbdFA-Q/XpfOlukd5AI/AAAAAAAC6gU/7bsAHpSk9iYkj7RlYKUzIX7-Q0DohHKTgCLcBGAsYHQ/s320/2ca26bb28a3f03d45abe7b8862192a27f39a4917.pngලෝකයම කළඹමින්, වවුලන්ගෙන් සොයාගත් කොරෝනා වෛරස් විශේෂ 06ක් ගැන, ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මෙන්න

කොවිඩ් 19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වූ ලොව පුරා පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට මිලියන දෙක ඉක්මවා ගොස් තිබෙනවා.

අදාළ වෛරසය ආසාදනය වීමෙන්, මේ දක්වා ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 126,758 ක්.
තත්ත්වය මෙසේ තිබියදී මියන්මාරයේ වෙසෙන වවුලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06ක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙලෙස අලුතින් අනාවරණය කරගත් වෛරසයන් 06 සොයා ගැනීමට හැකිව ඇත්තේ මියන්මාරයේ වෙසෙන වවුලන් විශේෂ තුනකින් බවයි.

මෙලෙස සොයාගත් නව වෛරස් විශේෂ 06 කොවිඩ් -19 ඇතිවූ SARS-CoV-2 වෛරස් පවුලට අයත් බවට ද විද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විද්‍යාඥයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම නව වෛරසයන් මේ වනවිට ලොවපුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වෛරසයට ජානමය වශයෙන් සම්බන්ධ නොවන බවයි.

මෙලෙස අලුතින් හඳුනාගත් කොරෝනා වෛරසයන් අනෙකුත් සතුන් හරහා සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් තිබෙනවාද යන්න සම්බන්ධයෙන් සහ ඉන් මිනිසුන්ට ඇතිවිය හැකි අවදානම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකිරීම අත්‍යාවශ්‍ය බවයි විද්‍යාඥයින් සඳහන් කර සිටියේ.

from Gossip Lanka Hot News

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget