lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://1.bp.blogspot.com/-o7lIfTpGOwA/XpfDzNeSGHI/AAAAAAAC6ew/Uye8tT3dQfU-YgYXuvQBZyUKN6MJirPBwCLcBGAsYHQ/s320/45544-masterchef-australia-dani-venn1260872198.pngලෝක ප්‍රසිද්ධ MasterChef Australia තරගාවලියට පොල් සම්බෝලයක් ඉදිරිපත් කළ ඕස්ට්‍රේලියානු තරුණිය ශ්‍රී ලංකාව ගැන කියු අපූරු කතාව - (video

MasterChef Australia තරගාවලියේ පළමු අදියර ජය ගැනීමට ඩැනී වෙන් සමත්ව තිබෙනවා.

එහිදී ඇය විසින් පිළියෙළ කර තිබුණේ, ශ්‍රී ලාංකීක ක්‍රමයට රොටි හා පොල් සම්බෝල, අන්නාසි සහ කකුළු ව්‍යාංජනයයි.


එම ආහාර සම්බන්ධයෙන් විනිසුරුවන්ගේ පැසසුමට ද ඇය ලක් වුණා.

මේ අතර ඩැනීට මෙරට සිටින බොහෝ අයගෙන් සුබ පැතුම් විශාල ප්‍රමාණයක් ලැබුණු බවයි ඇය සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා ඇත්තේ.

ශ්‍රී ලංකාව වසර ගණනාවක් පුරා පැවැති සිවිල් යුද්ධයෙන්, සුනාමියෙන් සහ පසුගිය වසරේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ වූ ව ද රට නැගිසිට ඇති බව එහි දක්වා තිබෙනවා.

තමන් විසි වන හැවිරිදි වියේදී පසුවන විට වාර්තාමය වැඩසටහනක් රූගත කිරීමට පැමිණි බවත්, සුනාමියෙන් සියලු දේ අහිමි කරගත් පිරිස් ඉතා අධිෂ්ඨානයෙන් යුතුව තමන් සමග කතා කළ බවත් ඇය පවසනවා.

එම චාරිකාවේදී එපමණ කාලයක් අත්විඳ නොමැති ආහාර තමන්ට රසවිඳීමට ලැබුණ බවත්, ඉන් තමන්‌ගේ ජීවිතය වෙනස් කළ බවත් එහි සදහන්.

ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවට පැමිණි බවයි ඇය එම සටහනේ තවදුරටත් දක්වා තිබුණේ.



from Gossip Lanka Hot News

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget