lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://1.bp.blogspot.com/-r4fMKH9-L2U/XpfC_j5aJbI/AAAAAAAC6eo/mY3J52tIIUQ12lwP-ImWUbRN-cdvAD_VACLcBGAsYHQ/s320/5e9695a06ae09_kjdlgg.jpg"මං අද ජීවත් වෙන්නේ ඔබ නිසා" - කලාකරුවන් රැසකගේ එකතුවෙන් කොරෝනා වෙනුවෙන් කළ අපූරූ නිර්මාණය - (video)

කොරෝනා වසංගතය ලංකාව පුරා ව්‍යාප්ත වෙන්න පටන් ගැනීමත් එක්ක ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් බොහෝ වැඩසටහන් දියත් කෙරුණා. රූපවාහිනී, ගුවන්විදුලි වැඩසටහන්, යූ ටියුබ් වීඩියෝ, ගීත වගේම ටෙලි නාට්‍ය පවා ඒ වෙනුවෙන් නිර්මාණය වුනා.
ලෝකය පුරාම කොරෝනා වෙනුවෙන් නිර්මාණය වුන ගීත සංඛ්‍යාවත් ඉතා විශාලයි. ලංකාවෙත් ඒ වෙනුවෙන් ගීත කිහිපයක්ම නිර්මාණය වුනා. මේ අතරේ ලංකාවේ අපේ කොවිඩ් 19 නිළ ජාතික ගීතය පහුගිය දිනකදී සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධානත්වයෙන් නිර්මාණය වෙලා අන්තර්ජාලයට මුදාහැරලා තිබුනා

මේ ගීතය නම් කරලා තිබුනේ "මං අද ජීවත් වෙන්නේ ඔබ නිසා" කියලයි. මේ ගීතයේ විශේෂත්වය වෙන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ එකතුවකින් බිහිවුන නිර්මාණයක් වීම. අමරසිරි පීරිස්, නිරෝෂා විරාජිනී, දීපිකා ප්‍රියදර්ශනී, වසන්ත දුග්ගන්නාරාළ, ජනනාත් වරකාගොඩ, රොමේෂ් සුගතපාල. අශාන්ති, රන්දීර්, ස්ටෙෆනි, දුෂ්‍යන්ත් වීරමන්, රිද්ම වීරවර්ධන, රවී ජේ, මනීෂා චංචලා වැනි ජනප්‍රිය ගායන ශිල්පීන් රැසක් මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා තියනවා.

ඒ විතරක් නෙමෙයි. උද්දික ප්‍රේමරත්න, උදාරි වර්ණකුලසූරිය, දුලීකා මාරපන, දුලංජලි ශම්මුගරාජා ඇතුළු ජනප්‍රිය පිරිසක් තමයි මේ වෙනුවෙන් රංගන දායකත්වය දීලා තියෙන්නේ. මේ ගීතයට තවත් බොහොම අපූරු ඔබ හොඳින් අඳුනන කෙනෙක් එකතු වෙලා තියනවා. මතකයි නේද කාලයකට කලින් ෆේස්බුක් හරහා හැමෝම කතා කල කායවර්ධන ශිල්පියෙක් වගේ බොහොම අපූරු වෛද්‍යවරයෙක්? ඔහු නමින් පණ්ඩුල බස්නායක. පළමු වතාවට ඔහුත් හරි අපූරු රංගනයක යෙදෙනවා.


from Gossip Lanka Hot News

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget