lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2RIyWan 5000 දීමනාව තම ලයිස්තුවට දෙන්නැයි පුංචි මන්ත‍්‍රීන් ග‍්‍රාම සේවිකාවට කුණුහරුපෙන් බනිති අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස සමෘද්ධි පොරොත්තු ලේඛන සකස් කරමින් සිටි ග්‍රාම නිලධාරිනියකට ගෝනාපීනුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය තුළ දී තමන්ට අවශ්‍ය පරිදි එම ලේඛන සකස් කරන ලෙස බලපෑම් කැ එසේ නොකිරීම හේතුවෙන් එම නිලධාරිනියට පරුෂ වචනයෙන් බැණ මරණ තර්ජනය කරන බව කියන අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් දෙදෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක් ලැබී තිබෙන බව තෙලිකඩ පොලිසිය කියයි. අංක 66 ඊ, තිලකඋදාගම ග්‍රාම නිලධාරිනි, කේ ඩී නිශාන්ති මහත්මිය ඉකුත් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. පසුගිය 14 වන දින දහවල් මෙම සිද්ධිය ඇතිව ඇතිව තිබෙන බවත් එදිනම සවස 6.30 ට පමණ පැමිණිල්ල ඉදිරිපත්කර තිබෙන බවත් දැන ගන්නට ඇත. පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනිමට කටයුතු කරන බව පොලිසිය කියයි. ගෝනාපිනුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය තුළ දී රජයෙන් ගෙවනු ලබන රුපියල් 5000/- දීමනාව සදහා පොරොත්තු ලේඛන සමෘද්ධි ලාභින්ට සුදුසුකම් අනුව සකස් කරමින් සිටිය දී අපේ ආණ්ඩුවෙන් දෙන මුදල් අපිට ඕන විදියට දෙන්න ඕන යනුවෙන් තර්ජනය කර උඹට බැරිනම් කියාපිය බැල්ලි යනුවෙන් හා තවත් පරුෂ වචන වලින් බැන තමන්ට පහර දීමට උත්සාහ කළේ යැයි එම ග්‍රාම නිලධාරනිය විසින් කරන ලද පැමිණිල්ලේ සදහන් වේ. මරණ තර්ජනය කිරීම් ඇතුළු බැන වැදීම් සියල්ලම හා සියලු සිද්ධින් සහකාර ප්‍රාදේශිය ලේකම් තුමියගේ හා තවත් නිලධාරින්ගේ ජංගම දුරකථන වල විඩියෝ ගත කල බවත් ඒවා ඉදිරිපත් කිරිමට තමන්ට හැකියාව ඇති බවත් අදාල ග්‍රාමනිලධාරීතුමිය විසින් තෙලිකඩ පොලීසියට කලන ලද පැමිණිල්ලේ සදහන් වන බවද තෙලිකඩ පොලිසියේ නිලධාරියෙක් සදහන් කළේය. ග්‍රාම නිලධාරිනියට පරුෂ වචනයෙන් බැන තර්ජනය කල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරිය ඇතුළු කණ්ඩායම, මන්ත්‍රීවරියට පහර දීමට කල උත්සාහයක්ද එහි නිලධාරින් විසින් වලක්වා තිබෙන බව සදහන් කර ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් වි සිටින අපේක්ෂකයකු මැදිහත් වී මේ සිද්ධිය සමාව ගෙන යටපත් කිරිමට උත්සාහ ගන්නා බවද දැන ගන්නට තිබේ. මේ සදහා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්සකයා රජයේ නිලධාරීන් හා හිටපු මන්ත්‍රිවරයකුද මැදිහත් කරුවන් ලෙස යොදාගෙන තිබෙන බවද ගෝනාපිනුවල ප්‍රාදේශිය ලෙකම් කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. මේ සම්බන්ධව ගෝනාපිනුවල ප්‍රාදේශිය ලේකම් පියුමලී ලියනගේ මහත්මියගෙන් අප කල විමසීමකදී ඇය පැවසුවේ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වු තත්ත්වය සමථයකට පත් කිරිමට ගාල්ල අතිරේක දිසාපති තුමන් හා මොහාන් පී ද සිල්වා හිටපු මන්ත්‍රිතුමන් ඇතුල් කණ්ඩායමක් මැදිහත් වූ බවත්ය. මේ වන විට සිද්ධිය සමථයකට පත් කරගෙන තිබෙන බවත් ග්‍රාම නිලධාරිනිය පොලිසියට කල පැමිණිල්ල සම්බන්ධයෙන් රාජකාරි ඉදිරියේදි සිදු කෙරෙන බවත් ප්‍රාදේශීය ලේකම්තුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. – ජයකාන්ත ලියනගේ Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget