lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2Viy2n3 රෑට දකින හීනවලට දවල්ට චක්‍රලේඛ ගහනවා - අමාරුවේ වැටෙන්නේ අපි (VIDEO) සෞඛ්‍ය හා ආරක්ෂක ඇතුළු කොරෝනා වසංගතය වෙනුවෙන් ක්‍රියාත්මක වන නිලධාරීන්ගේ ආරක්ෂාව පතා එම ආයතනවල ඉහළ කළමණාකාරීත්වය කටයුතු කළත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ සේවය කරන ක්ෂේත්‍ර නිලධාරීන් වෙනුවෙන් අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා කිසිසේත්ම පෙනී නොසිටින බැවින් රුපියල් පන්දහස බෙදාහැරීමේ රාජකාරියෙන් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා රාජ්‍ය සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංගමය අවධාරණය කළේය. කොරෝනා වසංගතය ආරම්භයේ සිටම මහජනයා වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කළ ග්‍රාම නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් වැනි බිම් මට්ටමේ ක්ෂේත්‍ර නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින ඉහළ නිලධාරියකු නොමැති වීම නිසා එම නිලධාරීන් දැඩි අසීරුතාවයට පත්ව ඇතැයි  අද (17) මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා රාජ්‍ය සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංගමය සභාපති  සුමිත් කොඩිකාර මහතා පැවසීය. රාත්‍රියේදී දකින සිහිනය සැබෑ කර ගැනීම සඳහා පසුදින චක්‍රලේඛ නිකුත් කරන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා හේතුවෙන් බොහෝ නිලධාරීන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවත් ඇතැමුන් එය දේශපාලනික ගැටලූවක් වශයෙන් හුවා දැක්වීමට උත්සහ කරන බව සුමිත් කොඩිකාර මහතා ප්‍රකාශ කළේය. රුපියල් 5000 බෙදාහැරීමේ රාජකාරියෙන් ඉවත් වුවත් සෙසු රාජකාරි ඒ අයුරින්ම ඉටු කරන බවත් ඉදිරියේදී අග්‍රාමාත්‍යවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා සමඟ එක්ව සාකච්ඡා කොට තීරණාත්මක විසඳුමකට එළඹීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සභාපති මංජුල ආරියරත්න මහතා, ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සභාපති දුමිදු ප්‍රසන්න මහතා ද මෙහිදී අදහස් දැක්වූහ. නදීක දයා බණ්ඩාර - මහනුවර Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget