lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2Vv52qU ඇදිරි නීති කඩමින් දිගු කිරිපිටි පෝලිම්.. කිරිපිටි හිගයක්.. කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග හැටන් ප්‍රදේශයේ කිරි පිටි හිගයක් පවතින බව වෙලදුන් පවසයි. කිරිපිටි සමාගම්වල එජන්තවරුන් විසින් මිට ප්‍රථම තම වෙලදසැලටම තමන් ඇණවුම් කරන කිරි පිටි පැකට් ප්‍රමාණය වෙලදසැට රැගෙන විත් ලබාදෙන බවත්, පවත්නා තත්ත්වය හමුවේ තමන්ට ඇදිරි රෙගුලාසි උල්ලංඝනය කරමින් සහ සෞඛ්‍යය උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරමින් තම වෙලදසැලට අවශ්‍යය කිරි පිටි පැකට් ප්‍රමාණය ලබා ගැනිමට අලුයම සිට කිරි පිටි අලෙවි කරන එජන්සි ඉදිරිපිට රැදි සිටිම සිදු වන බවයි වෙලදුන් චෝදනා කර සිටින්නේ. හැටන් ප්‍රදේශයේ කිරිපිට අලෙවි කරන දිවයිනේ ප්‍රධාන පෙලේ කිරිපිටි සමාගමක එජන්සිය වෙත වෙලදුන් රැසක් පැමිණ සිටි අතර , එම වෙලදුන් චෝදනා කර සිටින්නේ එජන්සිය පවත්වාගෙන යන අය විසින් නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් හිතවත් වෙලද ව්‍යාපාරිකයන්ට වැඩ වශයෙනුත් අනෙකුත් වෙලදුන්ට කිරි පිටි පැකට් කිහිපයක් පමණක් නිකුත් කරන බවයි. කිරිපිටි එජන්සිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්ද ඇති විය. පාරිභෝගිකයන්ගෙන් මේ දිනවල කිරිපිටි සදහා විශාල ඉල්ලුමක් පවතින බවත්, එම ඉල්ලුමට සරිලන සැපයුම ලබා දිමට අදාල කිරිපිට සමාගම මේ වන විට අසමත් වි ඇති බවයි. මේ සම්බන්ධයෙන් අප එම කිරිපිටි සමාගමේ ප්‍රාදේශිය අලෙවි කලමණාකාරවරයාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් පනවා ඇති ඇදිරි නිතිය හමුවේ තම සමාගමේ කිරිපිටි අසුරුම් කිරිමට ප්‍රමාණවත් සේවකයින් නොමැති නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දිමට නොහැකි නිසා දිවයින පුරා කිරිපිටි හිගයක් තාවකාලිකව පවතින බවයි. – හැටන් රංජිත් රාජපක්ෂ Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget