lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2XFrJvx ලබන 20 වැනිදා සිට එදිනෙදා ජීවනෝපාය අහිමි පුද්ගලයන්ට රු.5000 ක දීමනාවක් ! කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමඟ රට තුල පීඩාවට පත්ව සිටින තවත් පාර්ශව කිහිපයක් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කිරීමත් සමග එම ප්‍රතිලාභ ලබාදීමට අදාලව වැඩපිළිවෙල දියත් කිරිම පිළිබද විශේෂ සාකච්ඡාවක් අද දින (16) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා  කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ දි පැවැත්විනි. මෙම සාකච්ඡාවේ දී කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග රට තුල පීඩාවට පත්ව සිටින අනෙකුත් ප්‍රතිලාභීන් තේරිමේ ක්‍රියාවලින් 2020.04.17 සහ 18 දෙදින ආරම්භ කර 2020.04.19 දින හෝ ඊට පෙර ග්‍රාමිය කමිටු නිර්දේශ සහිතව ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීමේ කටයුතු පිළිබදවත්, මෙම ගෙවීම් 2020.04.20 වන දා සිට සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් හා නිර්දේශ අනුගමනය කරමින් ගෙවීම්  ආරම්භ  කිරීමට අදාලව දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම වැඩපිලිවෙල යටතේ මධ්‍යම රජය හා පළාත් සභාවලින් නිර්දේශ කර එවා ඇති පෙරපාසල් ගුරුවරුන්, පුද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තර වරුන්, රජයේ සේවයේ නොයෙදෙන ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්, හස්ත කර්මාන්තකරුවන්, අත්යන්ත්‍ර පේෂකර්මාන්ත කරුවන්, උසාවි මගින් නඩත්තු දීමනා ලබන කාන්තාවන්, ආදායම් අහිමි කුඩා තේ වතු හිමියන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් යන රැකියා කාණ්ඩවල පවුල් ඒකක වලට මෙම දීමනා ගෙවීම සිදුකරනු ඇත. මීට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ,කාර්මාන්ත ක්ෂේත්‍රයේ, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් සේවා සපයන, ග්‍රාමීයව අලෙවිකරණයේ යෙදෙන, රැකියාවල නියලුන පුද්ගලයින් සදහා රුපියල් 5,000 දීමනාව ලබාදීමට තීරණය කර තිබේ. මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඒ.එස්.එම්.එස්.මහානාම,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි , අමාත්‍යතුමීයගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget