lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2XFwzZJ කොරෝනා මළසිරුරු ආදාහන තීන්දුය සංශෝධනය කරන්න - UN ජනපතිට කියයි කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආගමික හෝ විශ්වාසයේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත අහමඩ් ෂහීඩ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇත. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් විශේෂ නියෝජිතවරයා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ප්‍රජාවන් අතර ආතතිය ඇති කරවන ක්‍රියාවලින් වැළකී සිටීමට මෙන්ම විවිධ ප්‍රජාවන්ට අයත් පුද්ගලයන්ගේ මානව හිමිකම්වලට ගරු කිරීම උත්සාහ කරන ලෙසය. එසේම තම ආදරණීයයන් සඳහා නිසි අවමංගල්‍යයක් හෝ සුසාන භූමි චාරිත්‍රයක් ඉටු කිරීමට නොහැකිවනු ඇතැයි බියෙන් කොවිඩ් – 19 සිදුවීම් වාර්තා නොකිරීමට පවුල් සහ ප්‍රජාවන් කටයුතු කරනු ඇතැයිද හෙතෙම අනතුරු හඟවා ඇත. එම නිසා ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන් සහ සෞඛ්‍ය විශේෂඥයන් සමග සාකච්ඡා කර මීට අදාළ පියවර සංශෝධනය කළ යුතු බවද හෙතෙම සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. – aruna Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget