lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2XGC6yW චීනයේ කොරෝනා මරණ සංඛ්‍යා ලේඛණ හදිසියේම වෙනස් වෙයි - නවතම සංඛ්‍යා ලේඛණය ලෝකයේම අවධානයට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,290කින් ඉහල දැමීමට චීනයේ වුහාන් නගර බලධාරින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අදාල සංඛ්‍යා ලේඛණ අනුව වුහාන් නගරයේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3,869ක් ලෙස දැක්වෙන අතර නවතව වාර්තා සඳහන් කරන්නේ චීනයේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 4,642ක් බවයි. කොරෝනා වෛරසයේ ආරම්භයත් සමග ඇතැම් රෝගීන් නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් ඔවුන්ගේ නිවෙස්වලදීම මියගොස් ඇති බව චීන බලධාරින් සඳහන් කර සිටිනවා. වෛරසයේ ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවේදී වෛද්‍ය නිලධාරින් රෝගීන්ට ප්‍රතිකාර කිරිම සඳහා සිය අවධානය යොමු කර ඇති බවත්, සිදුවූ මරණ සම්බන්ධයෙන් දැනුම් දීමට ප්‍රමාද වීම සහ මග හැරීම් නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවූ බවත් එරට බලධාරින් පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් කොරෝනා වෛරසයෙන් චීනයේ ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් ගේ නිල වාර්තාවන් සඟවන බවට පසුගිය දින කිහිපයේ සිට අමෙරිකාව චෝදනා කරන පසුබිමක මෙලෙස චීන බලධාරින් කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ දැමීම ගැන බොහොේ දෙනාගේ අවධානය යොමුව තිබුණා. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget