lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2VFnTQc පාර්ලිමේන්තුවක් නැතිව කොරෝනා මඩින ලෝකයේ එකම රට ලංකාවයි - හිටපු කතානායක හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මැතිවරණ පිළිබඳ තත්ත්වය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සමබනන්ධයෙන් මේ වන විට රටේ විධායකය සහ මැතිවරණ කොමිසම අතර පැන නැගී ඇති ගැටලූකාරී තත්ත්වය පිළිබඳව බොහෝ ආගමික සහ දේශපාලන නායකයන්, ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතයන්, සහ පුරවැසියන් විසින් විටින් විට මා අමතා, පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයා වශයෙන්, මාගෙන් විවිධ පැහැදිළි කිරීම් ඉල්ලා සිටිනු ලැබේ. ශ‍්‍රී ලංකාව ද ඇතුලූව සමස්ත ලෝකයම මහත් වූ සෞඛ්‍ය සහ ආර්ථික අර්බුදයකට මේ වන විට මුහුණ දී සිටින තත්ත්වයක් තුළ ව්‍යවස්ථා අර්බුදයක් ඇති වීටම ඇති ඉඩ කඩ අප රට කෙරෙහි ඉතා අනර්ථකාරී අන්දමින් බල පෑ හැකි බව ජාතික වශයෙන් සැලකිල්ලට ලක් විය යුතු බව අවධාරණය කරමින්, උක්ත විමසීම් සියල්ලට පෞද්ගලිකව පිළිතුරු ලබා දීමේ අපහසුතාව සලකා, ඒ පිළිබඳ මාගේ ස්ථාවරය මෙහි පහත නිවේදනය කිරීමට අදහස් කරමි. 1. වර්ෂ 2020 මාර්තු මස 02 වැනි දින, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අතර, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 2020 අපේ‍්‍රල් මස 25 දින සහ, නව පාර්ලිමේන්තුව රැුස් වීම සඳහා 2020 මැයි මස 14 ලෙස දින නියම කෙරිණි. 2.වර්ෂ 2020 මාර්තු 21 දින, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියේ ප‍්‍රකාරව මැතිවරණ කොමිසම වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව, එකී පාර්ලිමේන්තු මැතිවරණය රට තුළ උද්ගතව ඇති කෝවිඞ්-19 රෝග තත්ත්වය හේතුවෙන්, නියම කරන ලද පරිදි 2020 අපේ‍්‍රල් මස 25 දින නොපැත්විය හැකි බව ප‍්‍රකාශ කළේය. 3.ශ‍්‍රී ලංකා ව්‍යවස්ථාවේ 70 (5) (අ) වගන්තිය අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව, එසේ විසුරුවා හැරීමේ ප‍්‍රකාශය සිදු කළ දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස් විය යුතු වන අතර, එකී දිනය යෙදෙන්නේ 2020 ජූනි 02 වැනිදාටයි. 4.2020 මාර්තු 31, අපේ‍්‍රල් 1 සහ 6 න දිනයන්හි දී, මැතිවරණ කොමිසම සහ ජනාධිපති ලේකම්වරයා අතර ලිපි හුවමාරු වූ අතර, ඒවා මගින් ප‍්‍රකාශ වූයේ: අ. මැතිවරණ කොමසමෙහි ස්ථාවරය වන්නේ, දැනට රට තුළ පවත්නා තත්ත්වය සහ සංවිධාන කටයුතු සඳහා වන බාධක සැලකූ විට, නව පාර්ලිමේන්තුව එළඹෙන ජූනි 02 දින රැුස් වනු හැකි වන පරිදි කල්තියා මැතිවරණය පැවැත්වීමට නොපැවැත්විය හැකි වනු ඇති බවයි. ආ. ආණ්ඩුවේ මතය වී ඇත්තේ, වර්ෂ 2020 මැයි 28 දින හෝ ඊට පෙර දිනක මැතිවරණය පැවැත්වීම අවශ්‍යයෙන්ම නොහැකි වන අන්දමේ දුෂ්කරතාවක් නොපවතින බවයි. එළඹ ඇති සෞඛ්‍ය අර්බුදයට මුහුණ දීමේදී, ලොව සෑම රටක්ම සිය දේශපාලන වෙනස්කම් ඉවත දමා එකමුතු වෙමින් සිටී. එළඹ ඇති මහා-වසංගත තත්ත්වයට සහ එමගින් ඇති කෙරෙන අනර්ථකාරී ආර්ථික බලපෑම්වලට මුහුණ දීමට අවශ්‍ය නීති සම්පාදනය සහ මුල්‍ය ප‍්‍රතිපාදන අනුමත කර දීම පිණිස පාර්ලිමේන්තුවක් නැතිව කෝවිඞ්-19 අර්බුදයට මුහුණ දෙන එකම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය ශ‍්‍රී ලංකාවයි. මාගේ ස්ථාවරය නම්, ආණ්ඩුව සහ විපක්ෂය කඩිනමින් සහ යහපත් චේතනාවෙන් යුතුව මැතිවරණ කොමිසම මෙන්ම එකිනෙකා සමඟ සාකච්ඡ කිරීම අත්‍යවශ්‍ය වන බවයි. මැතිවරණය ආරක්ෂා සහිතව සහ නිසි කාලයට පැවැත්වීම පිණිස යම් පූර්වාරක්ෂණ ක‍්‍රමවේද හෝ නව නීති අවශ්‍ය වේ යැයි කොමිසම විසින් තීරණය කරන්නේ නම්, ඒවා පිළිබඳව කඩිනමින් අවධානය යොමු කළ යුුතු වේ. යම් හෙයකින් නියමිත ව්‍යවස්ථානුකූල කාල සීමාව තුළ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වුවහොත්, ව්‍යවස්ථා අර්බුදයක් ඇති වීම වළක්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. එවන් අර්බුදයක් ඇති වීමෙන්, අපේ රටේ පාලන ක‍්‍රමය පිළිබඳව පවත්නා සුජාතභාවය පලූදු වීමේ මෙන්ම ස්ථාවරභාවය බිඳ වැටීමේ අවදානමක් පවතින අතර ජාත්‍යන්තර ආර්ථික සහන ලබා ගැනීමේදී එය විශාල ලෙස බාධාකාරී වීමට ද ඉඩ තිබේ. මේ අභියෝගාත්මක අවස්ථාවේදී, අනවශ්‍ය තුන්වැනි අර්බුදයක් ඇතිවීම මගහැරීම පිණිස, තම තමන්ගේ දේශපාලන වෙනස්කම් දුරැුද ලා කඩිනම් සහ අර්ථවත් පියවර ගන්නා ලෙස, ජාතියේ උන්නතිය පිළිබඳ හැඟීම පෙරදැරිව මම, ආණ්ඩුවෙන්, විපක්ෂයෙන් සහ වෙනත් පාර්ෂවකරුවන්ගෙන් ඉල්ලා සිටිමි. කරු ජයසූරිය 2020- අපේ‍්‍රල-17 Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget