lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2NC1XBW හමුදාව ගැන කියන කතා වලට යුධ හමුදාපතිගෙන් පිළිතුරු ශ්‍රී ලංකා යුද හමුදාවේ 243 දෙනෙකුගේ සමන්විත සන්නද්ධ රථ කණ්ඩායමක්  මාලි රාජ්‍යය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජකරීවල නිරතව සිටින  බවත් අපේ හමුදා කණ්ඩායම් වල රාජකාරී සම්බන්ධයෙන් ඔවුන් විශේෂ   පැහැදීමකින් පසුවන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා  මහතා පවසයි. මෙම කණ්ඩායම් වලට අවශ්‍ය සන්නද්ධ රථ 09 ක් මෙරට නිෂ්පාදනය කර   මාලි රාජ්‍යයට පසුගියදා යැවූ බවත් කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට  සේවය ලබාදෙන අතරතුර සෙසු කාර්යයන්ද යුද හමුදාව කිසිදු අතපසු කිරීමකින්  තොරව සිදුකරන බවත් ඒ මහතා කීය. ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනායක  ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැකීමට ගියා යුද හමුදාපතිවරයා කොවිඩ්- 19 පාලනය කිරීමට රජය ගෙනගිය වැඩපිළිවෙළේදී යුද හමුදාව ලබාදුන් දායකත්වය සම්බන්ධව මහනාහිමිවරුන්ට පැහැදිලි කිරීමක්ද කළේය. අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ෂවේන්ද සිල්වා මහතා සන්නද්ධ රථයක්  විදේශ රටවලින් ආනයනය කිරීමට රුපියල් මිලියන 40 ක පමණ මුදලක් වැයවන   බවත් යුද හමුදාවේ විදුලි යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මගින් එක්සත්  ජාතීන්ගේ සංවිධානය අනුමත කළ ආකාරයට මෙම රථයක් රුපියල් මිලියන 10 ක  මුදලකින් නිර්මාණය කර තිබෙන බවත් කීවේය. මෙරට ඕනෑම අයෙකුට තමන්ගේ අවශ්‍යතාව මත යුද හමුදාව සම්බන්ධයෙන නොයෙක් ප්‍රකාශ කළ හැකි නමුත් ඒවාහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව ජනතාව තුළ විනිශ්චයක් තිබෙන බවත් යුද හමුදාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙරට අති බහුතර ජනතාව තුළ ඇත්තේ විශාල පැහැදීමක් බවත් හෙතෙම  පැවසුවේය. ශ්‍රී ලංකා යුද හමුදාව ජත්‍යන්තර වශයෙන් පැසසුමට ලක්ව තිබෙන බවත් කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනයේදී හමුදා අංශ කළ මෙහෙය මෙරට ජනතාව  දන්නා බවත් ඒ මහතා කීය. මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ත්‍රිවිධ හමුදාව,පොලීසිය කළ මෙහෙය පිළිබඳව ඉතා ඉහළින් අගය කළ බවද හෙතෙම කීවේය. කොරෝනා බලපෑමක් රටට එල්ලවී නොතිබුණු ගානට ඇතමුන් ක්‍රියාකරන තිබෙන බවත් මෙය ඉතා භායනක තත්ත්වයක් බවත් කී යුද හමුදාපතිවරයා කොවිඩ්-19 ආසාධිතයින් සමාජයේ නොසිටියත් රෝහල් වල සිටින බව අමතක නොකළ යුතු යැයිද අවධාරණය කළේය. ජනපති හා අගමැති අවශ්‍යය මොහොතේ තීන්දු තීරණ නිවැරදි ලෙස ගැනීම නිසා අපට රටක් ලෙස කොවිඩ්-19 බලපෑමෙන් බොහෝ දුරට මිදීමට හැකිවූ බවත් සමාජයෙන් රෝගීන් වාර්තා නොවුනත් රෝහල් වල වෛරස් ආසාධිතයින්  සිටින නිසා වෛරසය රටින් තුරන්ව ගොස් නොමැති බව සමජයක් ලෙස අප  තේරුම්ගත යුතුව තිබෙන බවත් ඒ මහතා කීය. ඉන් අනතුරුව යුධ හමුදාපතිවරයා මල්වතු අනුනාහිමි පුජ්‍ය දිබුල්කුබුරේ විමලධම්ම නාහිමි නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර මෙහිදී අදහස් පල කල නාහිමි කියා සිටියේ ගෝඨාබය රාජපක්ස .මහින්ද රාජපක්ස ,සරත් ෆොන්සේකා ,සවේන්ද්‍ර සිල්වා ,කමල් ගුණරත්න ,ඩෙන්සිල් කොබ්බැකඩුව ,විජය විමලරත්න වැනි පුද්ගලයන් ජාතිය ,ආගම,දේශය රැක දුන් විරුවන් වශයෙන් ඉතිහාස ගත වන බවත් ,ශවේන්ද්‍ර සිල්වා වැනි අය රටට කල සේවය පුන ,පුනා නොකීවත් එය නොකිමද ගුණ මකු කමක් බවත් ලොව දියුණු ,ධනවත් යැයි කියන රටවල් පරාදය කරමින් සියලු අංශ සහය ලබා ගනිමින් කොරෝනා මර්ධනය සදහා දායක වූ ආකාරය සැමගේ පැසසුමට ලක්වූ බවත්ය . කමල් සුරවීර මහනුවර noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget