lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2DbfCyq කොළඹට අලුතින් ගුවන් පාලම් 03ක්.. වියදම බිලියන 06ක්.. කොළඹ ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිළියම් ලෙස කොම්පඤ්ඤ වීදියේ ගුවන් පාලම් 03ක් ඉදිකරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. කොළඹ වැඩි මාර්ග තදබදයක් පවතින්නේ මෙම කොටසේ බව අධ්‍යනයක් මගීන් හදුනාගෙන ඇත. ඒ නිසා කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසල දිනකට පැය 04ක පමන මාර්ග තදබදයක් ඇති බවද අනාවරණය වී ඇත. තවද දිනකට 109 වතාවක් දුම්රිය ආරක්ෂිත ගේට්ටුව වැසීමක්ද සිදුවේ. මාර්ග තදබදය අවම කිරිම සදහා මීටර් 420ක දිගින් යුතු ගුවන් පාලම් දෙකක් උත්තරානන්ද මාවත හරහා හා ජස්ටිස් අක්බාර් මාවත හරහා ඉදිකිරිමට යෝජිතය. බාලදක්ෂ මාවත හරහා ඉදිවන ගුවන් පාලමේ දිග මීටර 350කි. මෙම ව්‍යපෘතිය සදහා රුපියල් බිලියන 6ක් පමණ පිරිවැයක් දැරීමට සිදු වන බව විෂයභාර අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා පවසයි. ප්‍රධාන නගර වල පවතින අධික මාර්ග තදබදය නිසා රාජකාරි කටයුතු සදහා ගමන් කරන නිලධාරින් හා සේවකයන්ගේ මිනිස් ශ්‍රමය අපතේ යාමක් සිදු වේ. වාහන එකම ස්ථානයේ විශාල කාලයක් නවතාගෙන සිටීමට සිදු වීම නිසා ඉන්ධන නිරපරාදේ දහනය වීමෙන් අතිවිශාල මුදලක අලාභයක් මෙන්ම නාස්තියක්ද සිදු වන බව අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසයි. මාධ්‍ය ඒකකය මහාමාර්ග අමාත්‍යංශය noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget