lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/32FXtS8 පුටු නැතිවූ ලේකම්වරුන්ටත් වැටුප් දීමනා සහ අනෙකුත් සියලු වරප්‍රසාද එක්ක තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ! ආණ්ඩු වෙනස්වීම හේතුවෙන් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී රැකියා අහිමි වූ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඔවුන්ගේ පෙර සේවා කාලයට අදාළව ප්‍රසාද දීමනා කීපයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මීට පෙර ලේකම්වරුන්ට තීරුබදු රහිත පළමු පන්තියේ මෝටර් රථ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ යුතුව පැවතියද දැන් එම කාලය වසරක් දක්වා අඩුකර ඇති බව වාර්තා වනවා. මෙම තීරුබදු රහිත වාහන පහසුකම ඇතුළු තවත් වරප්‍රසාද කිහිපයක් ලබාදී ඇති බව පසුගිය 2020 අගෝස්තු 24 වැනිදා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සියලුම අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට යොමු කළ චක්‍රලේඛයේ දැක්වෙනවා. ජනාධිපති ලේකම්වරයාගේ මෙම චක්‍රලේඛයට 2020 අගෝස්තු මස 19 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. තනතුරු අහිමිවූ ලේකම්වරුන්ට ‘විකල්ප සහන පැකේජයක්’ නමින් අංක: 20/11/1189/301/003 යටතේ මෙම චක්‍රලේඛයට අදාළ කැබිනට් පත්‍රිකාව 2020 අගෝස්තු 18 වැනි දින කැබිනට් මණ්ඩල න්‍යාය පත්‍රයට එක්කර ඇති බව සඳහන්. මෙම චක්‍රලේඛයට අනුව ලේකම්වරුන්ගේ ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ විශ්‍රාම යෑමට අදහස් නොකරන්නේ නම් අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ට 2020 අගෝස්තු 31 දිනට පෙර සුදුසු තනතුරක් ලබාදිය යුතුයි. ඔවුන් දරන එම තනතුරු වෙනුවෙන් අනුමත කරන ලද වැටුප් දීමනා සහ අනෙකුත් සියලු වරප්‍රසාද ලබාදීමටද කැබිනට් මණ්ඩලයේ අනුමතිය හිමිව තිබෙනවා. ව්‍යවස්ථා විධිවිධාන යටතේ ඔවුන් විශ්‍රාම ගන්නා තුරු හෝ පෙර සේවයේ පිහිටුවීම හෝ වෙනත් සුදුසු තනතුරුවල පත්කරන තෙක් මෙම ලේකම්වරුන්ව රාජ්‍ය සේවා ආත්‍යාංශයට, පළාත් සභා සහ පළාත් පාලන විෂය පථය යටතේ ඔවුන්ව සේවයට අනුයුක්ත කිරීමට ද කැබිනට් මණ්ඩලය නිර්දේශ කර ඇති බව සඳහන්. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget