lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/33YST20 13 වැනි සංශෝධනය ගැන මෝදි තදින් සිටී ! ඉන්දු - ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් අද පැවැත්විණි. ඒ අන්තර්ජාලය හරහායි. මෙය මහින්ද රාජපක්ෂ මහතා මෙවර අගමැති ධුරයට පත්වීමෙන් පසුව පැවති පළමු නිළ රාජ්‍යතාන්ත්‍රික හමුවයි. මේ වනවිට කතාබහට ලක්ව ඇති පළාත් සභා සම්බන්ධයෙන්ද දෙරටේ නායකයන්ගේ අවධානය යොමුව තිබෙනවා. ඉන්දීය අගමැතිවරයා අවධාරණය කර තිබෙන්නේ පළාත් සභා ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යායුතු බවයි. 13 වැනි සංශෝධනය උපරිමයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් පළාත් සභා සඳහා උපරිම බලය බෙදීමක් සිදුකළ යුතු බවත් නරේන්ද්‍ර මෝඩි මහතා අවධාරණය කර තිබෙනවා. උතුරේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති අතර දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුවන අයුරින් සමානාත්මතාවය, යුක්තිය, සාධාරණත්වය, ප්‍රතිසන්ධානය අත්කර ගැනීම සඳහා ව්‍යවස්ථාවේ අන්තර්ගත කරුණු ඉටු කරන්නැයි මෝඩි මහතා ඉල්ලා තිබෙනවා. උතුරු මුහුදේ දෙරටේ ධීවරයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇති අතර එම ගැටලු විසඳා ගැනීම සඳහා දෙපාර්ශ්වයේම බළධාරීන්ගෙන් සමන්විත යාන්ත්‍රණයක් සකස් කර ගැනීමටද යෝජනා වී තිබෙනවා. පසුගිය මැතිවරණයේදී ලබාගත් තුනෙන් දෙකක බහුතර ජනවරම ඉන්දු-ලංකා සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් යොදවන බවට මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අගමැතිවරයාට පොරොන්දු වී තිබෙනවා.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget