lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2IGRVQT අනිල් ජාසිංහ සෞඛ්‍ය ලේකම් ධුරයට ? - ආණ්ඩුව ඇතුළෙන්ම යෝජනා දැනට රට තුල සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතය පාලනය කර ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා වහාම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරයට පත් කරන ලෙස පාර්ශ්ව ගණනාවකින් ආණ්ඩුවට ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ. සියලුම පාර්ශ්වවල සහයෝගය ලබා ගනිමින් පසුගිය කාලයේ මෙරට කොරෝනා රෝගය නිසි ලෙස පාලනය කර ගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස අනිල් ජාසිංහ මහතා සමත් විය.  වත්මන් රජය යටතේ ඔහු පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පසුගිය අගෝස්තු මාසයේදී පත් කෙරිණි. එතැන් සිට මෙරට කොරෝනා පාලනය අයාලේ ගිය බවත් රට පුරා කොරෝනා පැතිර යනතුරු ඒ සම්බන්ධයෙන් බලධාරීන් කිසිදු අවධානයක් යොමු කර තිබුනේ නැති බවත් ‍ඇතැමුන්ගේ අදහසයි.   මේ නිසා වහාම අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පත් කර ඔහුට කොවිඩ් වෛරසය මර්දනය සඳහා පූර්ණ බලතල ලබාදෙන ලෙසට ආණ්ඩුවේම පාර්ශව ගණනාවකින් ඉල්ලීම් ඉදිරිපත්වී තිබේ. මේ වන විට කොරෝනා පැතිරයාම වැලැක්වීම, පීසීආර් පරීක්ෂණ පැවැත්වීම ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු කටයුතු ව්‍යකූල තත්වයකට පත්ව ඇති බවයි එම පාර්ශ්ව පෙන්වා දෙන්නේ. මේ අතර කොරෝනා පාලනයේ සියලු ප්‍රධාන කටයුතු සඳහා සෞඛ්‍ය බලධාරීන්ට හා වෛද්‍යවරුන්ට පැවරිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද රජයට දන්වා තිබේ. අනිල් ජාසිංහ මහතාගේ නිහඬවීම සමාජ ජාලා මාධ්‍ය හරහා ද කතාබහට ලක්ව තිබේ. ඔවුන්ද පවසන්නේ පසුගිය කාලයේදී කොරෝනා මර්දන කටයුතුවලදී අනිල් ජාසිංහ මහතා සිදුකළ මැදිහත්වීම් සම්බන්ධයෙන් රටේ බහුතරයකගේ ප්‍රසාදය හිමිවූ බැවින් නැවතත් ජාසිංහ මහතාට එම කටයුතු පැවරිය යුතු බවයි.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget