2015 වසරේදී සිදු වූ දූෂිත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ අඛණ්ඩව සිදුකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා පවසනවා. ඔහු පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව පවසා තිබේ.
පසුගිය රජය සමයේදී බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන අඛණ්ඩව සිදු කිරීම සඳහා ජනාධිපතිවරයා ලෙස තමන් සෑම උත්සාහයක්ම ගත් නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහ බාධා සිදුකළ බවත්, එම පරීක්ෂණ කටයුතුවල නිරත වූ පොලිස් නිළධාරීන් ඉන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පවස තිබෙනවා.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන සකස් කිරීමට පවා කටයුතු කළ බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ. කෙසේ වෙතත් එල්ල වූ විවිධ බාධා හේතුවෙන් එය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ජනාධිපති ධුරය දරන සමයේදී තමන් භාවිතා කළ නිවස විශ්‍රාම යෑමෙන් පසුවත් ලබාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, එය මෙතෙක් බලයේ සිටි සියලු ජනාධිපතිවරුන් ලබාගෙන ඇති අයිතිවාසිකමක් බවයි. 1986 දරන ජනාධිපති හිමිකම් පනත මගින් හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ පිළිබඳව අර්ථ දක්වා ඇති බවත්, එම පනත උල්ලංඝනය වන පරිදි තමන් කිසිදු ප්‍රතිලාභයක් ලබාගෙන නොමැති බවත් ඔහු පවසනවා.
إرسال تعليق