පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද (13) සිට ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මේ වන විට අදාළ දුරකථන සංවාද ඇතුළත් සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ලැබී තිබේ.
පසුගියදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ ද මන්ත්‍රී නිවාසයේ තිබී සොයාගත් බලපත්‍ර කල්ඉකුත් වූ ගිනි අවිය ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළේය.
ඒ අනුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් එම හඬපටවල අඩංගු සංවාද කුමක් ද යන්න පිළිබඳවත් එම හඬපටවල අනුපිටපත් සහ ඒ සඳහා භාවිත කළ පරිගණක දත්ත පිළිබඳවත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවද පැවසේ.
හඬ පට අන්තර්ජාලයට දැමූ අයකුගෙන් ප්‍රශ්න කරයි
රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද අඩංගු හඬපට අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කළ බවට සැක කෙරෙන පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරීම ඊයේ (12) වැනිදා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මොහු මෙය ව්‍යාපාරයක් ලෙස කරගෙන ගියාද එසේ නැතිනම් කිසිවෙකුගෙන් පළිගැනීමේ චේතනාවෙන් ප්‍රසිද්ධ කළා දැයි පොලිසිය ප්‍රශ්න කරගෙන යන අතර මෙම හඬපට දැන් බොහෝ අය අතට පත්වී තිබෙන බවද පොලිසිය පවසයි.
මෙම හඬපට පොලිසිය මගින් ප්‍රසිද්ධ කළ බවට ඇතැමුන් චෝදනා කරන නමුත් පොලිසිය මෙතෙක් එවැන්නක් සිදුකර නැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.
إرسال تعليق