lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/318r1qP මඩු රක්‍ෂිතයේ මහපරිමාණ ඉඩම් කොල්ලයක්.. අක්කර 100 ක් එලි කරන්න අවසර දීලා.. දැනටත් 05ක් එලි කරලා ! මන්නාරම මඩු කීරිසුඩ්ඩාන් රක්ෂිතය අනවසරයෙන් නීථිවිරෝධීව එලිපෙහෙලි කරමින් තිබූ වැඩසටහනක් වහාම ක්‍රියාතමක වන පරිදි නවතා දැමීමට පියවර ගත් බව මඩු වනසංරක්ෂණ නිලධාරී කාර්යාලය පවසයි. කීරිසුඩ්ඩාන් රක්ෂිත ප්‍රදේශයේ බැකෝ යන්ත්‍රයක් යොදාගෙන රක්ෂිතය එලිපෙහෙලි කරන බවට මඩු අඩවිවන නිලධාරී කාර්යාලයට තොරතුරු ලැබීමෙන් පසුව එහි නිලධාරීන් විසින් පරයානන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් එහි නිලධාරීන්ගේද සහය ඇතිව අදාල එලි පෙහෙලි කරමින් සිටි රක්ෂිත භූමියේ වැටලීමක් සිදු කරන ලදි. එහිදී රක්ෂිතය පස්කපන යන්ත්‍රයකින් එලිපෙහෙලි කරමින් සිටි අයෙකු පස්කපන යන්ත්‍රය දමා පලා යාමෙන් පසුව එම පස්කපන යන්ත්‍රය අත්අඩංගුවට ගෙන ඊයේ (27) දින බී වාර්ථාවක් මගින් මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කල බවට මඩු අඩවිවන නිලධාරී කාර්යාලය පවසයි. මේ පිළිබඳව මඩුපාර අඩවිවන නිලධාරී අශෝක ප්‍රේමරත්න මහතා පවසා සිටියේ ‘මේ ප්‍රදේශය 2012 දී ගැසට් කරල තියෙන්නේ රක්ෂිත භූමියක් විදහට එහෙම තියෙන විට කිසිවෙකුටවත් අනවසරයෙන් ඇතුල් වෙන්නත් බැහැ එහෙම වාතාවරනයක අක්කර 5 ක් පමණ මේ වන විට එලි පෙහෙලි කරලා අපිට ලැබුනු තොරතුරු වලට අනුව මෙහි අක්කර 100 ක් පමණ එලි පෙහෙලි කරන්න සූදානමක් තිබිලා තියනවා ඒකට අවසරය දීලා තියෙන්නේ මඩු සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය එතුමියට එහෙම රක්ෂිත භූමියක් එලිපෙහෙලි කරන්න අවසර දෙන්න බැහැ අපිට දැනට ලැබිල තියෙන තොරතුරු වලට අනුව මේ භූමිය එලි පෙහෙලි කරන්න ප්‍රදේශයේ ගොවි සංවිධාන වෙතට මුදල් දීමටත් පියවර අරන් තියනවා කියලයි. මේ පිළිබඳව මඩු සහකාර ප්‍රාදේශීය ලේකම් වරියගෙන් විමසීමේදී ඇය පවසා ඇත්තේ අදාල ඉඩම් ඇතුලු භූමිය යුද්දයට පෙර 1980 වසරවලදී සිට සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් හා කුඹුරු පැවති ප්‍රදේශයක් බැවින් එම භූමිය එලිපෙහෙලි කිරීමට අවසරය ලබා දුන් බවටය. නමුත් මේ පිළිබඳව මඩු අඩවිවන නිලධාරී වරයා පවසා සිටියේ 2012 මේ ඉඩම් රක්ෂිතවලට ගැසට කිරීමට පෙර ඉඩම්වල මායිම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට එවල සීමා තහවුරු කරාට පසුව තමයි ගැසට් කරන්නේ දැන් රක්ෂිතයක් වෙලා ඉවරයි මේ භූමිය නමුත් ඒ භූමි ඒ අය කියන විදිහට කුඹුරු ඉඩම්නම් නිදහස් කරගන්න ක්‍රමවේදයක් තියනවා ඒ මේ ඉඩම්වල පූර්ණ වාර්ථාවක් වනසංරක්ෂණ කාර්යාලයට භාර දීලා ඒ පිළිබඳව සොයාබැලීමෙන් පසුව වනසංරක්ෂණයෙන් තමයි මේ භූමිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දෙන්න ඕන ඊට පස්සේ තමයි කරන දෙයක් කරන්න පුලුවන් නමුත් දැන් වෙලා තියෙන්නේ මඩු සහකාර ප්‍රාදේශීය ලේකම් වරියගේ තනි තීරණයකට මේ ඉඩම් එලි පෙහෙලි කරපු වගක් මේ පිළිබඳව මන්නාරම් අධිකරණයට අපි දැනුම් දීලා තියෙන්නේ යනුවෙනි. මන්නාරම දිසා වන නිලධාරී නුවන් කැකුලන්දර මහතාගේ උපදෙස් මත මඩුපාර අඩවිවන නිලධාරී අශෝක ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීමෙන් අතිරේක අඩවි වන නිලධාරී පී.පී. මල්සාන්ත, බීට්ටු වනනිලධාරී වරුන් වන ධනුක වනසිංහ, ජී.එන්. මධුසංක, වන සේස්ත්‍ර සහකාර නජිත් ප්‍රසන්න, එල්. විජේරත්න, එල්. සුරංග, රියදුරු නිශ්ශංක යන අයගේ සහභාගීත්වයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී තුමන්ගේ උපදෙස් මත යාපනය කලාප අණදෙන නිලධාරී තුමන්ගේ මෙහෙයවීමෙන් වව්නියාව ප්‍රාදේශීය අණදෙන නිලධාරී තුමන්ගේ සහ පරයානංකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ගේ සහයෝගයෙන් මෙම රක්ෂිතයේ ඉඩම් එලිපෙහෙලි කිරීම හෙලිදරව් කරන ලදි. – වන්නි රොමේෂ් මධුෂංඛ noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget