lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3hKAY4p රේල්ලුවේ ටිකට් කඩන්නන්ගේ ජොබ් චීනයට ! දිවයිනේ සියළුම දුම්රිය ස්ථාන ආවරණය වන පරිදි ස්වයංක්‍රීය දුම්රිය ප්‍රවේශපත්‍ර පරික්ෂා කිරීම සහ ස්වයංක්‍රීය දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර සවි කිරීමේ කොන්ත්‍රාත්තුව චීනයේ දැවැන්ත සමාගමකට ලබාදීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාදී ඇතැයි වාර්තා වේ. මෙම ව්‍යාපෘතියට  අනුව දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ක්‍රමවේද 5 ක් යටතේ සිදු කෙරෙන අතර දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ස්වයංක්‍රීය දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර සවි කිරීමට ද සැලසුම් කර තිබේ. මෙහිදී  දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම රිලෝඩ් කාර්ඩ් පතක් ලෙසත්, එකවර ගෙවා මාසික කාර්ඩ් පතක් ලෙසත්, අභිමතය පරිදි කැමති ප්‍රවේශපත්‍ර ගණනාවක් ලබා ගැනීමටත්, QR දත්ත ක්‍රමය යටතේ ජංගම දුරකථනයට යෙදවුමක් ලෙසත් ප්‍රවේශපත්‍රය සහ දුම්රිය ගමනාන්තයට අදාලව එම අවස්ථාවේදී අදාල දුම්රිය ස්ථානයෙන් මිළදී ගැනීමටත් දුම්රිය මගීන්ට පහසුකම් සැලසෙන බවද පැවසේ. මෙම ව්‍යාපෘතියට අනුව දුම්රිය ස්ථාන 353 ක ප්‍රවේශපත්‍ර පරික්ෂා කිරීම සහ ස්වයංක්‍රීය දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර සවි කිරීම ආරම්භ කෙරෙන අතර ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ආධාර ප්‍රධානයක් ද රජය විසින් ලබාගෙන ඇත. එහෙත් මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංන්වීමෙන්  දුම්රිය ස්ථානයන්හි යම් කිසි සේවක පිරිසක් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කාර්යෙන් ඉවත් කොට වෙනත් රාජකාරි සඳහා යෙදවීමට රජය තීරණය කර ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ දෙපාර්තමේන්තුව නව තාක්ෂණයට අනුව සංවර්ධනය කිරීම සඳහා මෙවැනිම ක්‍රියාමාර්ග රැසක් ඉදිරියේදී ගනු ලබන බවත් එහි ප්‍රථම අදියර යටතේ මෙම යන්ත්‍ර සවි කිරීම සිදු කෙරෙන බවයි. මෙම ව්‍යාපෘතිය ජාත්‍යන්තරව සිදු කළ ටෙන්ඩර් කැඳවීමකට අනුව චීනයේ සමාගමකට ලබා දුන් අතර අදාළ ව්‍යාපෘතියට අනුව දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සහ ස්වයංක්‍රීය දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පරික්ෂා කිරීමේ යන්ත්‍ර සවි කිරීම 2023 වසර වනවිට අවසන් කිරීමට රජය සැලසුම් සකස්කර ඇති බවද පැවසේ. මෙම ව්‍යාපෘතිය මගින් දුම්රිය ස්ථානයන්හි දැනට පවතින මගී තදබදය අවම කර ගැනීමට හැකි වන අතර මගී ජනතාවටත් පහසුවක් ඇති වන බවත් දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීය.  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget