lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3jeK2Pt ‘19’ ඇටවූ ජයම්පති ස්විට්සරලන්තයේ, වැලිඅමුණ ඕස්ට්‍රේලියාවේ සරණාගතයන් වෙයි 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නේ, ඇමරිකානු ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂට මන්ත්‍රීධූරයක් දීලා පාර්ලිමේන්තුවට ගෙනත් ඇමති කරන්නයි. එදා ජනාධිපති අතේ තිබුණ බලය අද, මහින්ද අගමැතිතුමාට ලැබිලා තියෙනවා. 19 අහෝසි කරාම, ඒ බලය නැවත ගෝඨාභය ජනාධිපතිතුමාගේ අතට යනවා. 19 සංශෝධනය අහෝසි කරලා කරන්න හදන්නේ බලය අත මිට මොළවා ගන්නයි. ඒකට ඉඩ දෙන්නට ලංකාවේ ප්‍රගතිශීලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉඩ දෙන්නේ නෑ යැයි මාතලේ මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය. විල්ගමුවේ පැවති රැස්වීමක් ඇමතමින් අදහස් දැක්වූ රෝහිණී කවිරත්න මහත්මිය, 1978 ව්‍යවස්ථාවෙත් ආණ්ඩුව පිහිටවලා වසරක් යනතුරු විසිරුවා හරින්නට බලයක් ජනාධිපතිට තිබුණේ නෑ. 19 සංශෝධනයෙන් එය වසර 4 ½ ක් දක්වා වැඩි කළා. එහෙම නොකලා නම්, මහින්ද රාජපක්ෂ අගමැති ආණ්ඩුව ගන්නේ 2018 ඔක්තෝබර් මාසේ. පාර්ලිමේන්තු ඡන්දයකින් අවුරුද්දක් යනකල් විසිරුවන්න බැරි නීතියක් 2015 දක්වාම තිබුණා. දැන් ඒකත් ඉවත් නැති කරන්න, ජනාධිපති කැමති දවසට විසිරුවන්න නීති හදන්න බව අලි ෂබ්රි අධිකරණ ඇමති කියනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට වසර 4 ½ ට කලින් පාර්ලිමේන්තුව විසිරුවීමේ ගේ අවස්ථාව නැති වුනේ, 19 සංශෝධනය නිසයි. රාජ්‍ය නායකයෝ බලය බදා ගන්නා හැටි අපි දැකලා තියෙනවා. හැබැයි ජනාධිපති බලය අතහැරියේ, ජනාධිපති බලය අඩුකළේ 19 සංශෝධනයෙන් විතරයි. 19 අහෝසි කළොත්, ආයෙත් අගමැති මහින්දට වැඩිය, ජනාධිපති ගෝඨාභය බලවත් වෙනවා. මේක කරන්න තමයි, 19 අහෝසි කරන්න හදන්නේ යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය. ශ්‍රේෂ්ඨාධිකරණය යම් පනතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව පැවසූ විට, ගත යුතු ක්‍රියාමාර්ග වෙනස් කිරීමට 19 අහෝසි කිරීම තුල යෝජනා වෙනවා. මේක ඒකාධිපති ආණ්ඩුවක් කරා ගමන් කිරීමේ මුලික පියවර වීම වැලැක්විය නොහැකියි. විධායකය, ව්‍යවස්ථාදායක සහ අධිකරණ අතර තියෙන තුලන හා සංවරනය බිඳ දැමූ රටකට ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්වමක් නෑ. 19 අහෝසි කිරීම ‘දේශපාලන පිට්පොකට් ගැහිල්ලක්.‘ අශීලාචාර වැඩක්. මතුපිටින් පැණි තවරලා, තිත්ත ඒකාධිපති බෙහෙත පොවන්නට 19 සංශෝධනය අහෝසි කිරීම පියවර දෙකකින් කරන්න බැසිල් රාජපක්ෂ – අලි ෂබ්රි උත්සහ කරනවා. මේ රටේ පුරවැසියෝ දිගු කාලයක් සටන් කරලා තමයි ස්වාධීන කොමිෂන් සභා ඇති කළේ. කවුරුත් ඒවා කැමැත්තෙන් කළේ නෑ. අද 19 කෙටුම්පත් කරපු පුද්ගලයෝ දෙන්නාම, ජයම්පති වික්‍රමරත්න ස්විට්සර්ලන්තයේත්, ජේ.සී.වැලිඅමුණ ඕස්ටේ්‍රලියාවෙත් ‘සරණාගතයෝ වෙලා‘. 19 අහෝසි කළොත් රටටම සරණාගතයෝ වෙන්න සිද්ධ වෙනවා. ආණ්ඩුවට තුනෙන් දෙකක් නැති වුනාට, තුනෙන් දෙකක් හොයාගෙන පස්ස දොරෙන් මන්ත්‍රී වෙන්න බැසිල් රාජපක්ෂ උත්සහ කරනවා. අයියා වෙනුවෙන් මල්ලි, ඇමති පුටුවක් හිස් කරගෙන තියාගෙන ඉන්නවා. අනුර ප්‍රියදර්ශන, සුසිල් ප්‍රේමජයන්ත, ශාන් විජයලාල් සිල්වා, ජෝන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා එස්.බී. දිසානායකට පොල්කුඩු ටිකක් වත් නෑ. පස්ස දොරොන් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගේන්නේ ඊලඟ අගමැති කරන්න. අපි රටක් විදිහට දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී මාවත, ආපසු හරවන්න බැසිල් රාජපක්ෂගේ පුද්ගලික අවශ්‍යතාවට ඉඩ දෙන්න බෑ. පාර්ලිමේන්තුව තුල 19 සංශෝධනය ආපසු හැරවීම වැලැක්වීමට සමගි ජනබලවේගය කළ හැකි සෑම දෙයක්ම කරනවා. 19 රැකගන්න අපි පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි, සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ එක්ක, මහපාරේ සටන් කරන්නට සුදානම් යැයි ද රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය. – media unit noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget