lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/30xuDmC විස්සෙන් බුදු දහමේ ප්‍රමුඛත්වයට තර්ජනයක් (වීඩියෝ) යෝජිත විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  හරහා බුදුදහමට ලබාදී ඇති ප්‍රමුඛතාවය ට ද තර්ජනයක් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කියයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් නියෝජ්‍ය නායකවරයා පෙන්වා දෙන්නේ  ‍ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගී ඇති  බලකණු බිඳදමමින්  විධායකය පමණක් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම හරහා ජනතා පරමාධිපත්‍ය බලය  සම්පූර්ණයෙන්ම විනාශ වී යන බවයි. ජනතා පරමාධිපත්‍ය බලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය අඛණ්ඩව සටන් කරන  බවද ඔහු සඳහන් කළා.  “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ ප්‍රධාන කණු තුනක් උඩ, ඒ ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය. ඒ වගේම ස්වාධීන  මාධ්‍ය කියන හතරවෙනි කණුවකුත් තියෙනවා. මේ විසිවන සංශෝධනයෙන් පේන්නේ කණු  තුනක්ම ඒ කියන්නේ  ‍ව්‍යවස්ථාදායකය අධිකරණය සහ ස්වාධීන මාධ්‍ය  යන සියල්ල නොසලකා හැරලා  සියලු  බලතල විධායකයට විසින්  අත්පත් කර  ගැනීමට දරන උත්සාහයක්.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන එක, ඒක එහෙම නැති වෙනවා කියලා කියන්නේ  රටේ බුදුදහම පවා අනාරක්ෂිත වෙනවා කියන එකයි. එලෙස එල්ලවන බලපෑම් වලට  එක්සත් ජාතික පක්ෂ විදිහට අපි විරුද්ධයි. මොකද අපි ඉතිහාසයේදීත් විවිධ අභියෝග මධ්‍යයේ  විශේෂයෙන්ම චෝල ආක්‍රමණ වලට පවා මුහුණ දෙමින්, ඒ වගේම බ්‍රිතාන්‍ය පාලන සමයේදී පවා  අපි බුදු දහම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සටන් කළා. එනිසා කිසිදු ලෙසකින්  බුදුදහමට ලබා දී ඇති ප්‍රමුඛත්වයට හානිදායක යමක් සිදු වේ නම්  ඊට එරෙහිව  එක්සත් ජාතික පක්ෂය සටන් කරනවා.මෙවැනි සංශෝධනයක්  නීතියක්  ලෙස සම්මත  වුවහොත්  ඉදිරියේ දී රටේ  ස්වාධීන අධිකරණ පද්ධතියේ සහ ස්වාධීන මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලිය පිළිබද ප්‍රශ්න කිරීමට අපට සිදුවේවි. ඒ වගේම රාජ්‍ය ආයතන වල සම්පත් භාවිතය, මුදල් භාවිතය සම්බන්ධයෙන් විගණනය කිරීම සදහා විගණකාධිපතිවරයාට පවරා ඇති  බලය ඉවත් කිරීම මගින් අර්බුදයක් නිර්මාණය වනවා. මෙය සෘජුවම රටේ   ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බරපතල ප්‍රහාරයක්. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ලෙස අපි මෙම ව්‍යවස්ථා සංශෝධනයට  දැඩි විරෝධය පළ කරනවා. රට පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින්  වැඩි  බලතල අවශ්‍ය බව  ප්‍රකාශ කරනවා. නමුත් අපි දැක්කා පසුගිය කාලේ  කොරෝනා වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බලතල පාවිච්චි කරපු ආකාරය. තියන බලතල පමණයි ඔහු යොදා ගත්තේ. ගැටලු මතු වුණේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා බලතල මදි කියන කතාව අපිට පිළිගන්න බැහැ. මේ තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂය  විසිවන සංශෝධනය එරෙහිව සටන් කරනවා. රටේ ජනතාවගේ  ජනතා පරමාධිපත්‍ය  බලය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එදත් අදත් හෙටත් එක්සත් ජාතික පක්ෂයේ පෙනී සිටිනවා ”  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget