lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/33iQvUE දින 84 ප්‍රසූති නිවාඩුව 42ට කප්පාදු කරලා... මේ ආණ්ඩුව දරුවන්ගේ කිරිබීමේ අයිතියත් උදුරාගෙන - දුමින්ද වත්මන් රජය මෙතෙක් දින 84ක්ව පැවති ප්‍රසූති නිවාඩුව දින 42ක් දක්වා කප්පාදු කරමින් දරුවන්ගේ කිරිබීමේ අයිතිය පවා උල්ලංඝනය කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන බලමණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පවසයි.  "ආණ්ඩුව මේ වෙනකොට රජයේ සේවකයින්ට තිබුණු දින 84ක ප්‍රසූති නිවාඩුව 42ට කප්පාදු කරලා තියෙනවා. මේක ඉතාම බරපතළ අමානුෂික ක්‍රියාවක්. මීට කලින් තිබුණු ආණ්ඩුවත් මේක කරන්න උත්සාහ ගත්තා, ඒවෙලාවෙ වෘත්තීය සමිති විරුද්ධ වුණු නිසා ඒ ආණ්ඩුව මේක හකුළාගත්තා. ඒ ආණ්ඩුව හකුළාගත්තු එකක් තමයි වර්තමාන ආණ්ඩුව මේ ක්‍රියාත්මක කරමින් ඉන්නෙ.  ඒනිසා අපි ආණ්ඩුවට ඉතාම පැහැදිලිව කියනවා මේක සාධරණීකරණය කරන්න කිසිම තර්කයක් නෑ. දවස් 84ක් දෙනවා නිල නිවාඩුව. ඒ වගේම තව දවස් 84ක් ගන්න පුළුවන් අඩවැටුප් සහිතව. තවත් දවස් 84ක් ගන්න පුළුවන් වැටුප් රහිතව. එතරම් කාලයක් ලබාදෙන්නෙ දරුවාගේ කිරි ලබාගැනීමේ අයිතිය වෙනුවෙන්. වෛද්‍යවරු කියනවා මාස 6ක් කිරි දෙන්න කියලා. දැන් මේ ආණ්ඩුව කියනවා මේ නිලධාරීන්ට මාස එක හමාරෙන්, සති හයෙන් රස්සාවට එන්න කියලා.  අපි දන්නෑ මේ චක්‍රලේඛ ගහන, මේ නියෝග නිකුත් කරන උන්නැහැලා කිරි බීලද හැදුණෙ කියලා. ඒ තරම් සැකයක් තියෙනවා. මොකද ඒකට හේතුව මේ අම්මලා, සාමාන්‍යයෙන් ඕනෙම සාමාන්‍ය දැනූමක් තියෙන කෙනෙක් දන්නවා ඒ කාලෙට අම්මලාට කිරි එරෙනවා. ඒනිසා කාර්යාලවලට ඇවිල්ලා ඒ කාර්යාලවල විශාල ප්‍රශ්නයක් වෙනවා. මේක ඉතාම අමානුෂික ක්‍රියාවක්.  මීට කලින් අපි අහලා තියෙනවා 1848 කැරැල්ල වෙලාවෙ කතාවක් ආවා සුද්දා තනකිරටත් බද්දක් ගහන්න හදනවා කියලා. මව්කිරිවලටත් බද්දක් ගහන්න හදනවා කියලා. හැබැයි සුද්දා එහෙම කළේ නෑ. ඒත් මේ ආණ්ඩුව මොකද්ද දැන් කරලා තියෙන්නෙ ? මේ ආණ්ඩුව කරලා තියෙන්නෙ මෙතෙක් තිබිච්ච අයිතිවාසිකමක්, දරුවන්ට කිරි ලබාගැනීමේ අයිතිය, දරුවාගේ අයිතිය ඒක තමයි උල්ලංඝනය කරලා තියෙන්නෙ.  විශෙෂයෙන්ම අපි පොහොට්ටුවට ඡන්දය දීපු අම්මට තාත්තට සහෝදරයාට සහෝදරියට අපි කියනවා දැන් පොහොට්ටුවට ඡන්දෙ දුන්නා කියලා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දුන්නා කියලා කොන්ද දුන්නෙ නෑනෙ ? ඒනිසා මේවගේ අසාධාරණ දේවල් වෙද්දි මේවාට කතා කරන්න. අපි පුදුම වෙනවා සමහර ඒ පවුල්වල අය මේ දුක විඳගෙන ළමයින්ව අරගෙන ත්‍රීවීල්වල තියාගෙන ඒ කාර්යාල ඉස්සරහා ඉන්නවා. මේකට විරුද්ධ වෙන්න හයියක් නැද්ද කියලා අපි අහන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.  දුමින්ද නාගමුව මහතා මේ බව පැවසුවේ ප්‍රසූති නිවාඩු කප්පාදුවට එරෙහිව පැවති විරෝධතාවයක් අතරතුර මාධ්‍ය අමතමිනි.   noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget