lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3iBF7Hz ආනමඩුවේ අයෙකුට තුන්වන වරටත් කොරෝනා වැලදේ ! තුන්වන වරටත් කෝවිඩ් 19 ආසාධිත වු බව පි.සි.ආර් .පරික්ෂණ වලින් සනාථ වු තරුණයාගේ නිවැසියන් යලි දැනුවත් කිරිමට ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි හා මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් 5 දින කටයුතු කෙරුණී. මෙසේ තුන්වන වරටත් කෝවිඩ් 19 ආසාධිතව ඇත්තේ ඩුබායි සිට මෙරටට පැමින සිටි 23 හැවිරිදි ආණමඩුව තෙන්නන්කුරියාව පදිංචි අවිවාහක තරුණයකී. අදාල තරුණයා ඩුබායි සිට පසුගිය අගෝස්තු 9 දින ශ්‍රී ලංකාවට පැමින එදිනම පොලොන්නරුව වැලිකන්ද කොරෝනා රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබා යලි ආණමඩුව නිවසට සැප්තැම්බර් 10 පැමින ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. නිවසේ සිටියදි යලි අසනිපව සැප්තැම්බර් 17 දින හලාවත මහ රෝහලේ කොවිඩ් ඒකකයට ඇතුලත් කර එහිදි සිදුකල පි.සි.ආර් .පරික්ෂණ වලදි දෙවන වරටත් කොවිඩ් ආසාධිත බවට සනාථව ඉරවිල කෝවිඩ් ප්‍රථිකාර ඒකකයට ඇතුලත් කර තිබු බව කියයි. ප්‍රථිකාර වලින් අනතුරුව යලි සැප්තැම්පර් 27 දින ආණමඩුව නිවසට පැමින නිරෝධායනය වෙමින් සිටියදී ඔක්තෝම්බර් 2 දින නැවත රෝග ලක්ෂණ මතුවිමත් සමග ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය මගින් හලාවත මහ රෝහලේ කොවිඩ් ඒකකයට යවා තිබුනී. මෙහිදි නැවත සිදුකල පරික්ෂණ වලින් මෙම තරුණයා නැවතත් ආසාධිතයකු බවට සනාථ වි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි . මේ අනුව මේ පිළිබදව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනි පද්මිනි අබේරත්න මහත්මිය හා පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.එච්.එම් .සමන් චන්දන අබේරත්න ,මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්වන සිසිල් චාමර හේමචන්ද්‍ර, හා ඒ .එච් .එම් . ප්‍රියන්ත අබේරත්න යන මහත්වරුන් විසින් අදාල තරුණයා නිරෝධායනය වෙමින් සිටි නිවැසියන් දැනුවත් කිරිමට කටයුතු කර තිබුනී. ඒ අනුව එම නිවසේ රැදි සිටි මෙම තරුණයාගේ 46 හැවිරිදි මවට මේ බව දැනුම් දිම සිදුකර තිබු කියයි . සෞඛ්‍ය අංශ පවසන්නේ තුන් වන වරටත් කෝවිඩ් 19 ආසාධිත වු තරුණයා හා මව එකම නිවසේ නිරෝධායනය වෙමින් තිබුනද තරුණයාගේ මව දෙවරක් සිදුකල පි.සි.ආර් පරික්ෂණ වලදි ඇය ආසාධිත නොවන බවට සනාථ වි ඇති බව කියයි. – පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන  noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget