lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2VWz6vZ විදුලි බිලත් නැවත නිකුත් කිරීම ඇරඹේ - මනු කියවන්නන් නිවසට නොපැමිණියත් බිල්පත හැදෙන්නේ මෙහෙමයි විදුලි බිල්පත් නිකුත් කිරීමේ කටයුතු ද ඇතැම් ප‍්‍රදේශවලදී මේ වන විට ආරම්භ වී තිබෙනවා. එහෙත් මෙවර බිල්පත ගණනය කරන ආකාරය සම්බන්ධයෙන් බොහෝ විදුලි පාරිභෝගිකයන්ට තවමත් ඇත්තේ කුතුහලයක්. ඇඳිරි නිතිය පනවා තිබෙන කාලයේදී බිල්පත් නිකුත් කිරීම සඳහා මනු කියවන්නන් නිවෙස්වලට පැමිනෙන්නේ නැහැ. ඒ අනුව ඊලග බිල්පත මාස දෙකක විදුලි පරිභෝජනය එකට සලකා ගණනය කරනු ඇත්දැයි පාරිභෝගිකයන් ප‍්‍රශ්ණ කරනවා. එසේ වුවහොත් තමන්ට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයෙන් නැවත විමසීමක් කලා. එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ විදුලි බිල්පත ගණනය කිරීමේදී පාරිභෝගිකයන්ට කිසිදු අසාධාරණයක් සිදු නොකරන බවයි. කෙසේ වෙතත් කිසියම් පුද්ගලයෙකුට තමන් වෙත ලැබෙන විදුලි බිල්පත පිළිබඳ සැකයක් ඇත්නම් තමන් විසින්ම බිල්පත පරීක්ෂා කර ගත හැකි ආකාරයද මෙහිදී විස්තර කෙරුණා. Neth Fm · CEB SULAKSHANA 01 මේ අතර පරිභෝජනය කරන විදුලි ඒකක ගණනට හැර වෙනත් කිසිදු අයකිරීමක් විදුලි පාරිභෝගිකයන්ගෙන් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීරද මීට පෙර අවධාරණය කළා. විදුලි බිල කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව ලබා දෙන ලෙසද තමන් නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ. රතු බිල්පත් නිකුත් කිරීමට හෝ විදුලිය විසන්ධි කිරීමටද කටයුතු නොකරන ලෙස තමන් නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් කියා සිටියා. Lanka Hot News


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget