lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2xiuwQt කොරෝනාවට බෙහෙත් නෑ කියන බටහිර දොස්තරලා පස්සේ යන්න එපා… සහතිකවම සනීප කරන බව කියා සිංහල වෙදුන්ට රෝගීන් ඉල්ලයි කොරෝනා වෛරසයට තමන් සතුව නිසි ප්‍රතිකාරයක් නැති බව බටහිර වෛද්‍යවරුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටින තත්වයක් යටතේ ඒ සඳහා ප්‍රතිකාර ඇතැයි සෘජුව ප්‍රකාශ කරන දේශීය වෛද්‍යවරුන් යොදවා ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස ස්නාහිර පළාත හිටපු මන්ත්‍රීනී නිරෝෂා අතුකෝරාළ මහත්මිය යෝජනා කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙම ඉල්ලීම යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වේ. ජනාධිපති, ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 1. ගරු ජනාධිපතිතුමනි, කෝවිඩ් 19 වසංගතයට ප්‍රතිකර්ම ලෙස සිංහල වෙදකම යොදාගන්න මුලු ලෝකයම කෝවිඩ් 19 වෛරසයට එරෙහිව ක්‍රියාකළ හැකි ප්‍රතිකර්ම සෙවීමට දැවැන්ත පරිශ්‍රමයක නිරතව සිටි. ලෝකයේ සංවර්ධනයේ ඉහළම අගයක සිටින රටවල්වලට ද මෙම වෛරසය ඉදිරියේ ප්‍රතිකර්මයක් සොයා ගැනීමට තවමත් නොහැකිව තිබේ. එම නිසා මේ වන විට ලෝකයේ ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව තිබේ. මෙවන් පසුබිමක ලංකාව ද කොරෝනා වෛරසයෙන් දැඩි අවදානම්කාරී තත්වයකට මුහුණ පා තිබේ. ශ්‍රී ලංකාවේ වසර දහස් ගානකට සිට පැවැත එන පාරම්පරික දේශීය වෙදකම තුළ කෝවිඩ් 19 සදහා ප්‍රතිකර්ම ඇතැයි ලංකාවේ බොහෝ නම් දරා සිටින සිංහල වෙදැදුරන් ප්‍රකාශ කර සිටින අයුරු අපට දැනගන්නට ලැබේ. එමෙන්ම පසුගිය දිනක ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා විසින් ද කොරෝනා වසංගතය සදහා විසදුමක් ඔවුන් සතුව ඇති බවට ද ප්‍රකාශයක් සිදුකර තිබේ. නමුත් අවාසනාවන්ත තත්වය නම් අප කෝවිඩ් 19 පැතිරීම වැලක්වීම පිණිස යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබුණ ද වෛරසයට එරෙහිව ක්‍රියාකළ හැකි ප්‍රතිකාරයක් පිළිබද පර්යේෂණයකට වගකිව යුතු අංශ අවධානය යොමු නොකර තිබීමයි. මේ පිළිබදව වහා අවධානය යොමු කොට රටේ ගුණාත්මක ලෙස ප්‍රතිකර්ම සිදු කරන සිංහල වෛද්‍යවරුන්ගේ දැනුම හා අත්දැකීම් පාදක කොට ගනිමින් ආයුර්වේද දෙපාර්තමේන්තුව එහි නායකත්වය ගනිමින් කඩිනමින් කොරෝනා ආසාධිත රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කළ යුතු බවට යෝජනා කර සිටිමි. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති පාදෙණිය මහතා ද පසුගිය දිනෙක සිංහල වෛද්‍ය ක්‍රමය කෝවිඩ් 19 වසංගතය සදහා භාවිතා කළ හැකි සාර්ථක ක්‍රමයක් බව පවසා ඇති වටපිටාවක වහා ඒ පිළිබදව ඔබතුමන්ගේ අවධානය යොමු කොට ශ්‍රී ලංකාව ලෝකයටම ආදර්ශයක් සපයන රටක් ලෙස කොරෝනා මර්දනය කිරීමෙන් පමණක් නොව එයට සාර්ථක ප්‍රතිකර්මයක් සොයා ගැනීමෙන් ද ඔසවා තබන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි මෙයට, නිරෝෂා අතුකෝරළ noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget