lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/35giN1b නිවසේ මිය ගොස් හොරෙන්ම අවසන් කටයුතු කරද්දී පොලිසියෙන් දේහය රෝහලට ගෙන යයි හැටන් ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක අවසන් කටයුතු සදහා මෘත දේහයක් (28) දින රාත්‍රි දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කිරිමට හැටන් පොලිසිය කටයුතු කර තිබුණි. මෙසේ දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරනු ලැබුවේ හැටන් දුඹුරුගිරිය පාරේ පදිංචිව සිටි ඩැනියල් ක්‍රිස්ටොපර් නැමති 50 හැවිරිදි දෙදරු පියෙකුගේ මෘත දේහයයි. ඩැනියල් ක්‍රිස්ටොපර් (28) දින උදැසන 10 ට  පමණ නිවසේදි මිය ගිය බවත්, මිය ගිය අයගේ ඥාතින් විසින් සිරුර හැටන් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකට භාරදිමෙන් අනතුරුව සිරුර මල් ශාලා හිමිකරු විසින් මරණ සහතිකයක් හෝ හදිසි මරණ පරික්ෂකවරයෙකුගේ සහතිකයක් නොමැතිව සිරුර අවසන් කටයුතු සදහා සුදානම් කර මල් ශාලාවේම තැන්පත් කර ඇත. මිය ගිය අයගේ බිරිද විසින් හැටන් පොලිසියට කල දැනුම් දිමක් මත හැටන් අධිකරණ බල ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක එ.ජෙ.එම්. මොහොමඩ් ෆසිර් මහතා සහ හැටන් පොලිසියේ නිලධාරින් මිය ගිය අය සම්බන්ධයෙන් වාර්තා වි නොමැති නිසා වහාම ක්‍රියාත්මක වි මල් ශාලාව වෙත ගොස් මිය ගිය අයගේ අවසන් කටයුතු සිදු කිරිමට නිකුත් කරනු ලබන මරණ සහතිකය හෝ හදිසි මරණ පරික්ෂකවරයාගේ වාර්තාව මල් ශාලා හිමිකරුගෙන් ඉල්ලා සිටි අවස්තාවේ එවැන්නක් නොමැති බව මල් ශාලා හිමිකරු විසින් හැටන් පොලිසියේ නිලධාරින් වෙත දැනුම් දි ඇත. මල් ශාලා හිමිකරු විසින් පවසා ඇත්තේ වසමභාර ග්‍රාමසේවා නිලධාරිනිය විසින් තමන්ට දුරකථනයෙන්   කථා කර මිය ගිය අයගේ සිරුර අවසන් කටයුතු සදහා සුදානම් කරන ලෙස වාචිකව දැනුම් දුන් බවයි. එම දැනුම් දිම මත මිය ගිය අයගේ සිරුර අවසන් කටයුතු සදහා සුදානම් කල බවද මල්ශාලා හිමිකරු විසින් හැටන් පොලිසියට ප්‍රකාශයක් ලබා දි ඇත. වසමභාර ග්‍රාමසේවා නිලධාරිනියගෙන් හැටන් පොලිසිය ප්‍රකාශයක් ලබා ගැනිමේදි ඇය පවසා ඇත්තේ හදිසි  මරණ පරික්ෂකවරයා වෙත මුලින් දැනුම් දි ඔහුගේ ස්ථාන පරික්ෂාවෙන් පසු ඔහුගේ වාර්තාව අනුව තමන් මරණ සහතිකය ඉදිරිපත් කරන බවයි. තමන් කිසිසේත් මල් ශාලා හිමිකරුට වාචිකව උපදෙස් නොදුන් බවද ග්‍රාමසේවා නිලධාරිනිය විසින් පොලිසිය වෙත ලබා දි ඇති ප්‍රකාශයේ සදහන් කර ඇත. හැටන් අධිකරණ බල ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක එ.ජෙ.එම් මොහොමඩ් ෆසිර් මහතා පවසන්නේ මිය ගිය අයෙකුගේ සිරුර අවසන් කටයුතු සදහා සුදානම් කිරිමට මල් ශාලා හිමිකරුවෙකුට අනිවාර්යෙන්ම මරණ සහතිකයක් හෝ හදිසි මරණ පරික්ෂකවරයෙකුගේ වාර්තාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බවයි. එවැනි වාර්තාවක් නොමැතිව හැටන් මල් ශාලාවේ හිමිකරු විසින් බරපතල වරදක් සිදු කරන ඇති බවද එ.ජෙ.එම්. මොහොමඩ් ෆසිර් මහතා මල් ශලාවේ හිමිකරුට අවධාරණය කර සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් පරික්ෂක පවත්වයි. – හැටන් රංජිත් රාජපක්ෂ noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget