lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2OUGKnw පාතාල නායකයන්ගේ තොරතුරු ඇතුළත් නඩු පොත් 50ක් ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් අතුරුදහන් වෙයි ! ප්‍රබල පාතාල නායකයෙක් වන ආමි සම්පත් හෙවත් සම්සුන්ගේ සම්පත් චාමරගේ ඇතුළු වසර විස්සකට අධික කාලයක් තිස්සේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ තිබූ සුවිශේෂී අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සටහන් ඇතුළත් පනහකට අධික පොත් ප්‍රමාණයක් අස්ථානගත වීමේ සිද්ධියක් පිළිබඳ පොලිස් මූලස්ථානය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මීට අමතරව ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ තිබූ තොරතුරු පොත් විස්සක පමණ පිටු ගලවා ඉවත් කර ඇතැයිද තහවුරු වී ඇත. ග්‍රෑන්ඩ්පාස් පොලිසියට අලුතින් පත්ව පැමිණි පොලිස් ස්ථානාධිපතිවරයා, එම රාජකාරි ආරම්භ කිරීමට යෑමේදී මෙම පොත් සම්බන්ධයෙන් කර තිබූ සටහන් පරීක්ෂා කිරීමෙන් පසු පොත් පනහක් අතුරුදන් වී තවත් පොත් විස්සක පිටු ගලවා ඉවත් කර තිබෙන බව අනාවරණය වී තිබේ. ඒ අනුව මේ පිළිබඳව බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මේ පිළිබඳ සෙවීම සඳහා ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි පී.එච්. මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 2001 වර්ෂයේ සිට පසුගිය කාලසීමාව තුළ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය භාරයේ තිබූ සුවිශේෂී අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව සිදුකළ විමර්ශන හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අදාළ සටහන් හා තොරතුරු ඇතුළත් පොත් ගණනාවක් මෙලෙස අතුරුදන් වී ඇතැයිද හෙළි වී තිබේ. ආමි සම්පත් නමැති පාතාල නායකයාට එරෙහිව ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ පවත්වාගෙන යමින් තිබූ අංක බී 6229/04/2001, 39526/04/2001, බී 6726/04/21, බී 41779/04/2001, 45837/4/2004, බී 6502/4/2001 දරන නඩුවලට අදාළ බී වාර්තා ලේඛන ආදී පොත්පත්ද අස්ථානගත වී ඇත. මෙම පාතාල නායකයා සම්බන්ධව අධිකරණයේ විභාග වන නඩුවලට අදාළ ලිපිගොනුද අස්ථානගත වී ඇති අතර එම නඩු දීර්ඝ කාලයක් අධිකරණයේ කැඳවා නොමැති බවද හෙළි වී තිබේ. මෙම අපරාධ අතර 2001-10-24 ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ රාජ් සුන්දරම් සුරේස් යන අය පිහිවලින් කපා තුවාල සිදු කිරීමේ සිද්ධියද ඇත. 2001 වසරේ 11.09 දින ශිවලිංගම් ප්‍රේම් ආනන්දන් යන අයට වෙඩි තබා ඝාතනය කිරීම, කංකානම්ලාගේ චාමර සම්පත් යන අය ස්ටේට් පාරේදී 2001-11-19 දින ඝාතනය කිරීම, 2001 වසරේ 12.24 දින බර්නාඩ් ද රොසයිරෝ ඝාතනය කිරීමේ සිද්ධියද ඇතැයි ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. මව්බිම noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget