lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/3jplMdl කොරෝනා මැද ලංකාවේ ආර්ථික වර්ධන වේගය -4% ට වැටේ… ඉන්දියාවේ -10%ට වැටේ ! COVID – 19 ගෝලීය වසංගත තත්වයක් යටතේ දකුණු ආසියාවේ වැඩිම ආර්ථික වර්ධන වේගය බංගලාදේශය වාර්තා කර ඇති බවත්, අඩුම ආර්ථික වර්ධන වේගය ඉන්දියාව වාර්තා කොට ඇති බව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ නවතම වාර්තා පවසයි. චීනයට නොදැවෙනි ආර්ථික  වර්ධනයක් ඉන්දියාවෙන් පසුගිය වසර වල වාර්තා වුවත් වර්තමානයේදී COVID -19  වසංගතයේ බලපෑමත් සමග ඉන්දීය ආර්ථිකය දරුණු පසුබෑමකට ලක්වී ඇත. එය ආර්ථීක වර්ධන වේගය (-10%) ක ඍණ  මට්ටමක් දක්වා පහල ගොස් ඇති බව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල වාර්තා කරයි. එසේවුවත්, දකුණු ආසියාවේ COVID – 19 වසංගතය දරුණු ලෙස බලපා ඇති බංගලාදේශය එම තත්වය යටතේ වුවද ඔවුන්ගේ ආර්ථීක වර්ධනය ධනාත්මක ලෙස එනම් 4% ක ආර්ථික වර්ධනයක් වාර්තා කර තිබීම වාර්තාගත විශේෂත්වයකි. මේ අතර ශ්‍රී ලංකාව ද පසුගිය වසරට වලට සංසන්දනාත්මකව බැලීමේදී (-4%) ක ඍණත්මක ආර්ථික වර්ධන වේගයක් වාර්තා කොට ඇති අතර එය ඉන්දියාව සමඟ සංසන්දනය කිරීමේදී සැලකිය යුතු තත්වයක පවතින බව පැහැදිලිය. කෙසේ වුවද යහපාලන රජය සමයේ දිගින් දිගටම ශ්‍රී ලංකාවේ ආර්ථිකය මන්දගාමී දුර්වල තත්වයක පැවති අතර ඊට සාපේක්ෂව ඉන්දියාව 8% ක ඉතා හොද ආර්ථීක වර්ධනයක් ඒ කාලය තුළ පවත්වාගෙන ගොස් ඇත. වර්තමානයේදී ඉන්දියාවේ ආර්ථීක වේගය දරුණූ ලෙස  පසු බෑමකට ලක්වී ඇති අතර  එය ශ්‍රී ලංකාවට වඩා පසු බැසීමක් බවත්, පවතින COVID – 19  ගෝලීය වසංගත තත්වයන් යටතේ වුවද චීන ආර්ථීකය 1% ක ධනාත්මක වර්ධනයක් පවත්වාගෙන යාමට සමත් වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි. – repoter noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget