lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/2FRNyRu දෙමළ ජනතාව මෙරට මුල් පදිංචිකරුවන් නොවේ. විග්නේෂ්වරන්ට විවාදයකට අභියෝගයක් පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේදී පක්ෂ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී. නම වන පාර්ලිමේන්තුව රැස්වුණු පළමු දිනයේ කතානායකට සුබ පැතීමට නැගීසිටි සීවී විග්නේශ්වරන් මන්ත්‍රිතුමා බොරු වැලක් පැවසුවා. දෙමළ භාෂාව ලොව පැරණිතම සජීවී භාෂාව බවත් ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාව බවත් ඔහු පැවසුවා. එතුමාගේ ප්‍රකාශය වැරදි බව ඔප්පු කළ හැක්කේ එයට විරෝධය පළ කිරීමෙන් නොවේ. එය බොරුවක් බව අප කරුණු සහිතව සනාථ කිරීමෙන්. දෙමළ ජනතාව කියන්නේ දෙමළ භාෂාව බිහි වුණේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ බවයි. නමුත් චීන අරාබි ග්‍රීක සහ බාස්ක් වැනි භාෂා ඊටත් වඩා පැරණි බව වාග් විද්‍යාඥයින්ගේ මතයයි. මෙහි වඩාත් භයානක ප්‍රකාශය වන්නේ ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාව බවට එතුමන් කළ ප්‍රකාශයයි. එය කිසිම පුරාවිද්‍යාත්මකව ඉතිහාසගත සාක්ෂි මත ඔප්පු කළ නොහැකි පට්ටපල් බොරුවක්. ලන්දේසි යුගයේදී යාල්පානම් වෛපමාලෙයි ග්‍රන්තය ලන්දේසීන් විසින් රචනාකරවාගන්නා තුරු දෙමළ ජනතාවට ඉතිහාස පොතක් වත් තිබුනේ නැහැ. එම නිසා සී වී විග්නේෂ්වරන් මැතිතුමාගේ මේ ප්‍රකාශයට විරෝධය පළ කිරීමෙන් එය බොරුවක් බවට පත් වන්නේ නැහැ. බොරුවක් වන්නේ එය බොරුවක් බව ඔප්පු කිරීමෙන් ම පමණයි. එතුමා ප්‍රකාශ කරන්නේ පට්ටපල් බොරුවක් බව ඔප්පු කිරීමට මා සූදානම්. එ බැවින් ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාව ද කියන කාරණය පිළිබඳව මා සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස සීවී විග්නේෂ්වරන් මන්ත්‍රිතුමාට මා අභියෝග කරනවා. එතුමා සතු සියලුම සාක්ෂි රැගෙන එන්න. ඒ සියල්ල පදනම් විරහිත බව ඔප්පු කිරීමට මා සූදානම්. ජාතියේ වාසනාවට විග්නේෂ්වරන් මන්ත්‍රිතුමාගේ අන්තවාදය උතුරේ ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහුට යාපනයේ ජනතාව මනාප දුන්නේ 21,554ක් පමණයි. ආණ්ඩුව සමඟ සමගියෙන් කටයුතු කිරීම වෙනුවෙන් පෙනී සිටි අංගජන් රාමනාදන්ට මනාප 36,365ක් සහ ඩග්ලස් දේවානන්ද ට මනාප 32,146ක් ලබාදීමට යාපනයේ ජනතාව කටයුතු කර බෙදුම්වාදය වෙනුවට සංවර්ධනය තෝරාගෙන තිබෙනවා. ඉතාම පැහැදිලිව උතුරේ ජනතාව තවදුරටත් දෙමළ බෙදුම්වාදීන් සමග ගමන් කිරීමට සූදානම් නැහැ. ඔවුන් දකුණේ ජනතාව සමඟ අත්වැල් බැඳ ගෙන ශ්‍රී ලංකාව සංවර්ධනය කරලා උතුරුට එහි ප්‍රතිලාභ ගෙන යාම වෙනුවෙන් පෙනී සිටිනවා කියන එකයි මේ මැතිවරණ ප්‍රතිඵලය හරහා විග්නේෂ්වරන් මන්ත්‍රිතුමන්ලා අත්කරගත් අන්ත පරාජය හරහා රටටත් ලෝකයටත් ලැබෙන පණිවිඩය. ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳ තිස්ස අත්තනායක කියන්නේ බොරු ඊයේ මාධ්‍ය හමුවක් පවත්වා තිස්ස අත්තනායක මන්ත්‍රිතුමා ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳ ලොකු බොරුවක් කිවුවා. ඒ තමයි 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපති යටතේ තබා ගන්න බැහැ කියන එක. ජනාධිපතිට ආරක්ෂක ඇමති වෙන්න බෑ කියල ව්‍යස්ථාවේ කොතනද තිබෙන්නේ කියා මම තිස්ස මන්ත්‍රිතුමාගෙන් ප්‍රශ්න කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) වගන්තිය අනුව ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනාධිපති විසින් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගන්තිය අනුව ආරක්ෂක ඇමතිධූරය වෙනත් ඇමතිවරයෙකුට පවරන්නේ නැතිව ජනාධිපතිම රඳවා ගතයුතු බවට 2003 ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තිබෙනවා. 19 වන සංශෝධනය ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය වෙනස් කළේ නෑ. ඒ වගන්තිය සංශෝධනය නොකර ආරක්ෂක අමාත්‍යාංශය වෙනත් ඇමතිවරයෙකුට පවරන්න බෑ. ඒ වගන්තිය සංශෝධනය කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකගේ අනුමැතියට අමතරව ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබෙනවා. තිස්ස අත්තනායක මන්ත්‍රිතුමා කියන විදිහට රටේ ජනාධිපති වරයාට ආරක්ෂාව පිළිබඳ ලෝකයේ ඉන්න සුපිරිම විශේෂඥවරයාට ආරක්ෂක අමාත්‍යාංශය දරාගැනීමට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බාධාවක්නම් 19 අහෝසි කරන්න ඊටත් වඩා හොඳ හේතුවක් හොයාගන්න බෑ. – අරවින්ද අතුකෝරල noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

Post a Comment

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget