lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/32DSxx6 මෙරට මත්ලෝලීන් පන් ලක්ෂයක් - දරුවන් රිමාන්ඩ් නොකර පුනරුත්ථාපනය කළ යුතුයි ! මෙරට විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්නේ සංඛ්‍යාව පන්ලක්‍ෂ තිස්තුන්දහස් අටසිය අසූ තුනක් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. එයින් විසිපන්දහසකට වැඩි පිරිසක් බස්නාහිර පළාත තුළ සිටින බවද ඒ මහතා සඳහන් කළේය. රිමාන්ඞ් භාරයේ හිඳිමින් ජයටම මත් ජාවාරම් කරගෙන යන 136 දෙනකු සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී ඇති අතර එයින් 123 දෙනෙකු ඇප මත මුදාහැර තිබේ.ඔවුන් තමන්ගේ නඩු දිනයට ද පෙනී සිටිමින් මෙම ජාවාරම කරගෙන යන බවද වාර්තා වේ. මෙරට මත් ජාවාරම විදේශයන්හී සිට 25 දෙනෙකු පමණ මෙහෙයවන බවද මත්කුඩු ජාවාරම මෙරටින් තුරන් කිරීමට දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බවද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා සිටියි. බන්ධනාගාරගත කරන දරුවන් පිටවෙන්නේ ව්‍යාපාරිකයින් ලෙසයි මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරන පාසල් දරුවන් වැඩි ප‍්‍රතිශතයක් නැවත බන්ධනාගාරයෙන් පිටව යන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින් ලෙස යැයි අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පවසයි. එවැනි වැරදි වලට හසුවන දරුවන් බන්ධනාගාර ගත නොකර යළිත් මත්ද්‍රව්‍ය වෙත යොමු නොවන පරිදි පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවක් ආරම්භ කළ යුතු බවද ඒ මහතා සඳහන් කර සිටියි. පසුගිය හය මසක කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාවලිය හේතුවෙන් අත්අඩංගුවට පත්වූ ප්‍රමාණය 52000 අතර එයින් සියයට 20ක පමණ ප්‍රමාණයක් පාසල් දරුවන් බවද ඒ මහතා අවධාරණය කරයි. මීගමුව හා බම්බලපිටියෙන් මත්ද්‍රව්‍ය එක්ක 6ක් දැලේ මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේදී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ සැකකරුවන් තිදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 21 ක්, අයිස් ග්‍රෑම් 27 ක්, රුපියල් 36,000 ක් හා විදුලි තරාදියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එමෙන්න බම්බලපිටිය ප්‍රදේශයේදී ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 481ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මහජනතාවගෙන් තොරතුරු ලබා ගැනීම සදහා 1997 කෙටි දුරකථන අංකය විවෘතව පවතින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget