lanka hot news ,sinhala news,gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, lanka news, Underground News from Sri Lanka.

https://ift.tt/31s20aY ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශට ගහන්න පනී.. ද්විත්ව පුරවැසිකමට ආණ්ඩුව ගුටි ඇනගන්න යයි ’ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අදාළ වගන්තියට විරුද්ධව කටයුතු කරන ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය එයට ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ගත් උත්සාහය ඔහු ඉදිරියේම අද (21) පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කළ ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ජයන්ත කැටගොඩ මහතා පහර දීමට උත්සාහ කර ඇති බවත් එම ගැටුම එම ස්ථානයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වළක්වා ඇති බවත් වාර්තාවේ. ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ කිහිපදෙනෙකු අමතා ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පවසා තිබුණේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පූර්ණ ලෙස සහයෝගය ලබා දුන්නොත් ඉදිරියේ දී තනතුරු, වරදාන, වරප්‍රසාද ලබා දී හැකි බවය. අද (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැසක් වූ අවස්ථාවේ දී මෙම උත්සාහය පිළිබඳව අදාළ මන්ත්‍රීවරු ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාට දන්වා තිබිණි. මෙසේ තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිදු කර ඇති බලපෑම පිළිබඳව විමල් වීරවංශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කර තිබේ. එහි දී ‘කවුද මේ වැඬේ කළේ’ කියා අගමැතිවරයා විමසා ඇති අතර ‘ජයන්ත කැටගොඩ’ මෙම උත්සාහය දරා ඇති බව විමල් වීරවංශ මහතා පවසා තිබේ. එම අවස්ථාවේ ජයන්ත කැටගොඩ මහතා ද එම ස්ථානයේ සිට ඇත. එහි දී අගමැතිවරයා අප්‍රසාදය පළ කරමින් සිය අසුනෙන් නික්ම ගොස් ඇත. මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු ජයන්ත කැටගොඩ මහතා විමල් වීරවංශ මහතාට බැණ වදිමින් පහර දීමට තැත් කර ඇති අතර අසල සිටි මන්ත්‍රීවරු එම උත්සාහය වළකා තිබේ. ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විමල් වීරවංශ මහතා ඇතුළු ජයන්ත සමරවීර, මොහොමඞ් මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, උද්දික ප්‍රේමරත්න යන මහත්වරු 06 දෙනාගෙන් සමන්විත ය. – repoter noreply@blogger.com (Lanka Hot News)


via Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news

إرسال تعليق

MKRdezign

نموذج الاتصال

الاسم

بريد إلكتروني *

رسالة *

يتم التشغيل بواسطة Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget